සංගීත චිකිත්සාව
ලෝකයේ දියුණු යැයි සම්මත බොහෝ රටවල් සංගීතය නම් මානව කලාංගය බොහෝ කායික හා මානසික ව්‍යාකූලතාව සුවපත්භාවයට යොදා ගන්නවා වගේම අද වන විට රෝග නිවාරණය කිරීමේ චිකිත්සක ක්‍රමයක් ලෙස ද ප්‍රචලිතව පවතිනවා. මානසික මෙන්ම කායික රෝගාබාධ හමුවේ අද වන විට සංගීතය චිකිත්සාවක් ලෙස යොදා ගන්නා අතර එහි ප්‍රතිඵල පර්යේෂණ වලින් සනාථ වී තිබේ. කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය ලොව පුරා ජන හදවත් භීතියට පත්කර සමාජයම නිවසට කොටු කර ඇති මෙවන් සමයක මානසිකව මෙන්ම කායික ව ඇති වෙන පීඩා දුරුකර සුවපත්භාවය ලබා රෝග වලටද සහනයක් ලැබීමට සංගීත චිකිත්සාව දායක කර ගැනීම ඉතාම වැදගත්. සංගීතයට යම් අයකුගේ මනසට මෙන්ම හදවතට සෘජු ලෙස ආමන්ත්‍රණය කරමින් පවතින මනෝභාව අභිප්‍රේරණය කිරීමටත්, නව ධනාත්මක සහ වින්දනාත්මක මනෝභාවෙ ජනනය කිරීමටත් විශේෂ හැකියාවක් ඇති නිසා එය මානසික ආබාධ සුව කිරීමේ පදනම ලෙස යොදාගෙන තිබේ. රුසියානු ජාතික මනෝ වෛද්‍යවරුන් දෙපළක් වන වෛද්‍ය එස් .ගුරෙච්චි හා එච්. චාල්චනිකා පවසනුයේ කිසියමි පුද්ගලයකු සංගීතයට සවන් දෙන විට සිත කේන්ද්‍ර කර ගනිමින් සිදුවන ශාරීරික මානසික වෙනස්කම් රාශියක් ඉවත් වන බවයි. මිනිසාගේ පැවැත්ම හා විකාශය රඳ...