නූපන් කලලයේ කතාව

    අද ලෝකයේ ප්‍රධාන ගැටලුවක් බවට ගබ්සාව පත් වී ඇත.සදාචාරමය , සමාජීය හා නෛතික ගැටලුවක් ලෙස මෙය පෙන්වා දිය හැක.පොදුවේ ගත් කල ගබ්සාව යනු කලලය නොමේරු අවධියේම ගර්භාෂයේන් ස්වාභාවිකවම ඉවත් වීම හෝ ඉවත් කිරීමයි.මෙය ප්‍රධාන ආකාර දෙකකට සිදු විය හැක.එනම් නිතැත් ගබ්සාව හෙවත් ස්වාභාවිකවම කලලය ගර්භාෂයෙන් පිටතට පැමිණීම හා ප්‍රේරිත ගබ්සාව හෙවත් බාහිර බලපෑමක් මගින් කලලය ගර්භාෂයෙන් ඉවත් කිරීමයි.

     අද වන විට ප්‍රේරිත ගබ්සාව බහුලව සිදු වන අතර ඒ සදහා විවිධ හේතුන් බලපා ඇත.බලහත්කාරයෙන් හෝ ලිංගික අතවරයට ලක් වූ විට,ක්‍රමවත් පවුල් සැලසුම් ක්‍රමයක් අනුගමනය නොකිරීම , දරු ගැබ පිහිටන අවස්තාවේ එය අපේක්ෂා කල ද පසුව ඇතිවන විවිධ ආර්ථික , සමාජ හා සෞඛ්‍ය හේතුන් මත ගබ්සා කිරීම , අනපේක්ෂිත කාලයේ දී සිදු වන හදිසි ගැබ් ගැනීම්, තවත් දරුවකු නඩත්තු කිරීම පවුලේ අනෙක් දරුවන්ගේ අගතියට බලපෑ හැකි යැයි නිගමනය කිරීම වැනි හේතූන් ය.ගබ්සාව යන්න උග්‍ර ප්‍රශ්නයක් වීමට හේතුව නවීන පවුල් සැලසුම් ක්‍රම වලට වඩා සාම්ප්‍රදායික ක්‍රම අප සමාජයේ ප්‍රචලිතව පැවතීමයි.

    ලෝකයේ ඇතැම් රටවල මෙය නීත්‍යානුකූල කර ඇති අතර ඇතැම් රටවල් යම් කොන්දේසි යටතේ නීතිගත කර ඇති නමුත් ලංකාව ඇතුලු තවත් රටවල් එය නෛතික වරදක් බවට පත් කර දඩුවම් ද නියම කර ඇත.

    ඉන්දියාවේ මෙය නීතිගත කර ඇතැත් එය කළ හැක්කේ ගැබට සති 20ක් යාමට පෙරය , එමෙන්ම බංග්ලාදේශයේ ගැබට සති 10 ඉකුත් වීමට පෙර සිදු කළ යුතුය , තායිලන්තයේ ව්‍යාභිචාරය , දූෂණය හෝ මවගේ ජීවිතය බේරා ගැනීමේ අරමුණින් සිදු කළ හැක.ලංකාවේ 1883 දණ්ඩ නීති සංග්‍රහයේ 303 වන අනු වගන්තිය යටතේ ගබ්සා කළ හැක්කේ මවට ජීවිත අවධානමක් ඇත්නම් පමණි.

   සංවර්ධිත මෙන්ම සංවර්ධනය වන රටවල වඩාත් ප්‍රචලිත ගබ්සා ක්‍රමය වන්නේ ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමේ ක්‍රමයයි.එනම් සිරින්ජරයක් මගින් ගර්භාෂයට කිසියම් රසායනික දියරයක් ඇතුලු කොට ඉතා කුඩා කලලය විනාශ කිරීමයි.ඉන්පසු එම විනාශ වූ කලලයේ කොටස් දූවිලි ඇද ගන්නා වැනි උපකරණයක් (vaccum) මාර්ගයෙන් ඉවත් කරයි.එමෙන්ම තවත් ප්‍රකට ක්‍රමයක් ලෙස ශල්‍යකර්ම මගින් ඉවත් කිරීම පෙන්වා දිය හැක. (D&E) ඊට අමතරව R.U.486 නම් වූ ගිලින පෙති මගින් ද සංවර්ධිත රටවල ගබ්සා සිදු කරයි.මීට අමතරව මේ සදහා අනියම් ඖෂධ වර්ග ද යොදා ගනු දක්නට ලැබේ. ඇලපති, හෝමියෝපති , යුනානි, ආයුර්වේද , ආදි වෛද්‍ය ක්‍රමවල දක්නට ලැබෙන ඖෂධ වර්ග කීපයකි.මේවා බොහෝ දුරට සංවර්ධනය වන රටවල භාවිත වේ.මේ නිසා ගබ්සාවකට ලක් වන කාන්තාවට විවිධ ශාරීරික හා මානසික ගැටලු වලට මුහුණ දීමට සිදු වන අතර ජීවිත අවදානමක් ද පවතී.

    මීට අමතරව සාම්ප්‍රදායික ක්‍රම වන එඩරු නැටි, අමු අන්නාසි ආහාරයට ගැනීමත්, විශේෂ සම්බාහන ක්‍රම වැනි දෑ සිදු කිරීම ග්‍රාමීය හා නාගරික කාන්තාව කලාතුරකින් සිදු කරන බව වාර්තා වේ.

    එමෙන්ම ගබ්සා නොවීම සදහා නොගත යුතු ආහාර වර්ග කීපයක් ඇත.විටමින් C 6000mg ට වඩා ලබා නොගැනීම , පාස්ලි වැනි දෑ වැඩිපුර ආහාරයට එක් නොකර ගැනීම , ගස්ලබු ආහාරයෙන් වැළකීම , විටමින් C හා bromelain එන්සයිම ඇති අන්නාසි ,කුරුදු, සාදික්කා වැනි රසකාරක ආහාරයට ගැනීමෙන් වැළකීම , එමෙන්ම හොදින් තම්බා නොගත් හෝ පිස නොගත් බිත්තර , මස් වර්ග , කැෆේන් අධික ආහාර පාන , ආසාත්මිකතා ඇති වන ආහාර වර්ග නොගැනීම තුළින් කලලය ආරක්ෂා කර ගැනීම අපහසු නොවේ.



Comments

  1. වටිනා ලිපියක්

    ReplyDelete
  2. වැදගත් ලිපියක් 👍

    ReplyDelete
  3. සමාජෙට හොඳ පණිවිඩයක්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්ලාස්ටික් සැත්කම්

වසංගතයක් වූ මැලේරියාව

සිනහව