දන්න නොදන්න කපුරු
කපුරු කිවුවම බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ ඉතාම අලංකාර මල් වර්ගයක් වගේම අල්මාරි වල තියෙන ඇදුම් , පොත්පත් එහෙම කාවන්ගෙන් පරිස්සම් කර ගන්න දමන කපුරු බෝල , පුද පූජා , හෙම්බිරිස්සාව වැඩි වී පපුවෙන් කුරු කුරු ගානකොට පිත්තල හැන්දකට දාලා පොල්තෙල් පහන් දැල්ලකින් යාන්තම් රත් කරලා පපුවේ , කන් පෙති පිටිපස්සේ , පිටේ එහෙම ගාන් කපුරු තෙල් ගැනත් බොහෝ දෙනා දැනුවත් ඇති. ඕනෑම දේක වගේම කපුරු වලත් ගුණ අගුණ දෙකම තියෙනවා.ඒ පිළිබඳ දැනුවත් වීම වැදගත් වේ. කපුරු වාත නාශකයක්, උත්තේජකයක් වගේම විෂබීජ නාශකයෙක් විදියටත් භාවිත වෙනවා වගේම මුඛයේ අමිරස හා දුගඳ දුරලීම සෙම් , පිත්, මේද, ඉදිමුම්, විෂ , මූත්‍ර අඩස්සිය සහා ශුක්‍ර දෝෂ සමනය හා කපුරු තෙල් කටුක බව, සෙම් පහ කිරීම , වාත රෝග දුරු කිරීමත් කරන අතර චීන කපුරු වල වඩාත් තිත්ත සහා ශීත ගුණ තිබෙන බවත් පැවසේ.එමෙන්ම සෙම් දෝෂ , උගුර ආශ්‍රිත රෝග , මල බුරුල් කරන, කෘමීන් නසන ගුණ සේම අවි ආයුධ වලින් සිදු වුණ තුවාල වලට ප්‍රතිකාර ලෙසත් කණේ හා ඇසේ ආබාධ වලට ප්‍රතිකාර ලෙස ද කපුරු භාවිත කරනු ලබයි.එමෙන්ම නිවෙස්වල මීයන් පලවා හැරීමට ද කපුරු භාවිත කල හැක. එමෙන්ම මෙහි අගුණ පැතිකඩ ගතහොත් කපුරු ගතහොත් කපුරු බෝල , පෙති ඉතාම අධික විෂ සහිතය.කපුරු විෂ වීමෙන් ඔක්කාරය , වමනය , අමාශයේ සහා අන්නශ්‍රෝතයේ කැක්කුම , අවිවේකී බව , තෙහෙට්ටුව , හිසරදය , භාන්තිය, විකාර රූප පෙනීම වැනි දේවල් සිදු වේ. කපුරු අධිකව ශරීර ගත වුවහොත් ප්‍රාශ්වාස වාතයෙන් පවා කපුරු සුවද විහිදෙනවා , විෂ වීම ඉතා වැඩි වුවහොත් ශ්වසනය අඩු වීම , අක්මාව සහ වකුගඩු අකර්මණ්‍ය වීම , වලිප්පුව, රුධිර සංසරණය අඩු වීම වගේ දේවල් සිදු වීමේ අවධානම පවතී. ඕනෑම අයකුට කපුරු ශරීරගත වුවහොත් ඒ අය වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කල යුතුය.කුඩා දරුවන් හා විශාද තත්ව වලින් පෙලෙන අය වලුන්ගෙන් ඈත් කර තැබිය යුතුය. ඕනෑම දේක සුන්දර පැතිකඩක් මෙන්ම අසුන්දර පැතිකඩකුත් තිබෙන බවට කපුරු කදිම නිදසුනකි.

👌👌👌
ReplyDeleteNiyamai
ReplyDeleteවටිනවා😍👍👍
ReplyDeleteGood job
ReplyDeletegood 👍👍
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDeleteGreat
ReplyDeleteAwesome🤗
ReplyDeleteNiyamai💛
ReplyDeleteමරු🤗
ReplyDeleteවටින විස්තරයක්🤗
ReplyDelete👍
ReplyDelete👍👍
ReplyDelete👌👌👌👌👌👌👌👍👍👍👍
ReplyDeleteනොදන්නා දෙයක් දැනගත්තා ❤
ReplyDeleteImportant
ReplyDelete👍👍
ReplyDeletegood
ReplyDeleteBest
ReplyDelete👍👍
ReplyDelete