කැලැන්ඩරේ කතන්දරේ
දිනෙන් දින , සතියෙන් සතිය , මාසෙන් මාසය , අවුරුද්දේන් අවුරුද්ද හරියටම දැන ගන්න හැමෝම කැලැන්ඩරය යොදා ගන්නවා. නමුත් එහි ඉතිහාසය පිළිබඳ වැඩි අවධානයක් යොමු කර්න්නේ නැත. අතීතයේ ගහ කොළ , ජලය , අව්ව, වැස්ස හා පරිසරයේ වෙනස් වීම් තුළින් දින ගණනය සිදු විය. නමුත් මිනිසා එක තැන නැවතී වගාවට , ඒ කියන්නේ කෘෂිකර්මයට හුරු වූ පසු කාලය ගැන වැඩිපුර උනන්දු වන්න ඇති. එනිසා මිනිසා දින දර්ශනය ගැන හිතන්න පටන් ගන්න ඇතතේ කාලය ගැන උනන්දුවක් දක්වන්න පටන් ගත් දා සිට බව සිතිය හැක.
අද භාවිත කරන කැලැන්ඩරය යන වදන බිදී ආවේ කැලැන්ඩේ (kalendae) යන ලතින් වදනින්. එහි ලතින් අරුත නම් ගැනීම ගණන් තැබීමේ පොත යන්නයි. මේ සදහා සිංහලයෙන් දින දසුන යන්න භාවිත කරයි.
දැනට සොයාගෙන ඇති ලොව පැරණිම කැලැන්ඩරය බිහි කිරීමේ ගෞරවය බැබිලෝනියාවේ සුමෙරියන්වරුන්ට හිමිකම් වේ. චන්ද්‍රයාගේ වෙනස්වීම් දෙස බලා චන්ද්‍ර මාස 12 ක් ගත වීම වසරක කාලයක් ලෙස ගණනය කිරීමේ ගෞරවය ඔවුන් සතු වේ.මේ වර්ෂයත්, ඍතු වෙනස් වීම් මත සැකසුණු වර්ෂයත් අතර වෙනසක් ඇති බවට නිරීක්ෂණය කළ ඔවුන් එහි අඩුව පිරවීමට සෑම වසර 4ට වරක් වැඩිපුර මාසයක් එක් කළහ. මෙය ආදි මිසර , ග්‍රීක හා සෙමටික් ජනයා කොපි කළහ. පසුව මිසරයත් ඍතු වෙනස් වීම් වලට හරියටම ගැළපෙන කැලැන්ඩරයක් නිර්මාණය කළහ. මේ වන විට දියුණු ශිෂ්ඨාචාරයන් ඔවුනට ආවේණික කැලැන්ඩර බිහි කර ගෙන තිබූ අතර චන්ද්‍රයාගේ වෙනස්වීම් එයට පදනම් කරගෙන තිබූහ.
පැරණි රෝමන්වරුන් හදේ වෙනස්ව්ම මත සැකසුණු කැලැන්ඩරයක් භාවිත කළහ. එහි අවුරුද්දකට දින 355ක් තිබුණ අතර මාර්තු, මැයි , ජූලි හා ඔක්තෝබර් මාසවලට සමානව යෙදුන මාස වලට දින 31කුත්, පෙබරවාරි මාසයට දින 28කුත් සෙසු මාස වලට දින 29 බැගිනුත් ඇතුලත් කළහ. සෑම වසර 4ට වරක් අතිරේක මාසයක් ද එක් කරනු ලැබූහ.
එක් අවුරුද්දකට එක් සතෙකු බැගින් නම් කළ කැලැන්ඩරය ලොව පැරණිම කැලැන්ඩර වලින් එකක් වන අතර එය චීන ජාතිකයන්ට අයත් වේ. මෙය චන්ද්‍ර මාස ක්‍රමය පාදක කරගෙන ඇති අතර ඊට එකක් හැර එකක් ලෙස දින 29ක් හා දින 30 ඇතුලත් මාස 12ක් අයත් වේ. මෙහි විශේෂත්වය වන්නේ සතුන් 12කුගේ නම් වලින් අවුරුද්ද හැදින්වීමයි. මීයා, ගවයා, ව්‍යාඝ්‍රයා , හාවා, මකරා, සර්පයා , අශ්වයා , බැටලුවා , වදුරා, කුකුළා, බල්ලා හා ඌරා එම සතුන් වේ.
දින දර්ශන ගත් කළ ප්‍රධාන වර්ග 3ට බෙදා දැක්විය හැක. එනම් සූර්‍ය දර්ශනය , චන්ද්‍ර දින දර්ශනය , හා සූර්‍ය චන්ද්‍ර දින දර්ශනය ලෙසයි.
චන්ද්‍ර දින දර්ශනය යනු චන්ද්‍රයාගේ වෙනස්වීම් මත නිර්මාණය වූවකි. එහි වසරකට මාස 12ක් ද මාසයකට දින 29.53 ද අයත් වේ. එසේම වසරකට දින 354.37ක් අයත් වේ. මුස්ලිම් රටවල භාවිත වූ දින දර්ශනය මෙයට නිදසුන් ලෙස ගත හැක.
සූර්‍ය දින දර්ශනය සූර්‍යයා මත් පදනම්ව ගොඩ නැගුණු අතර රෝම හා වර්තමානයේ භාවිත වන දින දර්ශනය නිදසුන් වේ. චචන්ද්‍ර සූර්‍ය දින දර්ශන වලට අනුව වසරකට මස 12ට වඩා අඩු වු අතර බැබිලෝනියානු හා යුදෙව් දින දර්ශනය ඊට නිදසුන් වේ.
පසුකාලීනව හමු වූ වැදගත් දින දර්ශනයක් ලෙස ජුලියන් දින දර්ශනය පෙන්වා දිය හැක. ක්‍රි.පූ. 45 වන විට එහි වසරකට මාස 12ක් හා දින 355ක් අයත් වේ. මෙහි පෙබරවාරි මාසයට දින 28ක් හා දින 8ක් සමන්විත වූ සතියේ දින ගණන දින 7 දක්වා ද අඩු කෙරිණි.
මෙලස විවිධ වෙනස් වීම් තුළින් අද වන විට අප භාවිත කරන කැලැන්ඩරය බිහි වී ඇති බව දක්නට ලැබේ.
Niyamai
ReplyDeleteNiyamai
ReplyDelete😍😍😍
ReplyDelete😍😍😍😍
ReplyDelete🥰👍
ReplyDelete👍👍👍
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDeleteVeleuble
ReplyDelete👌👌👌👌
ReplyDelete👍👍👍👍
ReplyDeleteවටිනා ලිපියක්
ReplyDeleteBest👍
ReplyDelete👌👌🙌
ReplyDelete👍👍👍👍👍👍👌👌
ReplyDeleteNiyamai
ReplyDeleteNiyamai
ReplyDeleteNiyamai
ReplyDeleteSuper 👍
ReplyDeleteVeleuble
ReplyDelete