සංගීත චිකිත්සාව
ලෝකයේ දියුණු යැයි සම්මත බොහෝ රටවල් සංගීතය නම් මානව කලාංගය බොහෝ කායික හා මානසික ව්‍යාකූලතාව සුවපත්භාවයට යොදා ගන්නවා වගේම අද වන විට රෝග නිවාරණය කිරීමේ චිකිත්සක ක්‍රමයක් ලෙස ද ප්‍රචලිතව පවතිනවා.
මානසික මෙන්ම කායික රෝගාබාධ හමුවේ අද වන විට සංගීතය චිකිත්සාවක් ලෙස යොදා ගන්නා අතර එහි ප්‍රතිඵල පර්යේෂණ වලින් සනාථ වී තිබේ.
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය ලොව පුරා ජන හදවත් භීතියට පත්කර සමාජයම නිවසට කොටු කර ඇති මෙවන් සමයක මානසිකව මෙන්ම කායික ව ඇති වෙන පීඩා දුරුකර සුවපත්භාවය ලබා රෝග වලටද සහනයක් ලැබීමට සංගීත චිකිත්සාව දායක කර ගැනීම ඉතාම වැදගත්.
සංගීතයට යම් අයකුගේ මනසට මෙන්ම හදවතට සෘජු ලෙස ආමන්ත්‍රණය කරමින් පවතින මනෝභාව අභිප්‍රේරණය කිරීමටත්, නව ධනාත්මක සහ වින්දනාත්මක මනෝභාවෙ ජනනය කිරීමටත් විශේෂ හැකියාවක් ඇති නිසා එය මානසික ආබාධ සුව කිරීමේ පදනම ලෙස යොදාගෙන තිබේ.
රුසියානු ජාතික මනෝ වෛද්‍යවරුන් දෙපළක් වන වෛද්‍ය එස් .ගුරෙච්චි හා එච්. චාල්චනිකා පවසනුයේ කිසියමි පුද්ගලයකු සංගීතයට සවන් දෙන විට සිත කේන්ද්‍ර කර ගනිමින් සිදුවන ශාරීරික මානසික වෙනස්කම් රාශියක් ඉවත් වන බවයි.
මිනිසාගේ පැවැත්ම හා විකාශය රඳා පවතින්නේ වෛද්‍ය විද්‍යාව හා සංගීත විද්‍යාවේ සුසංයෝජනය මතයැයි දක්වන අතර සංගීතයේ දී යොදා ගන්නා රිද්ම තරංග වල නාද සංයෝග වල පවත්නා ඩෙසිබෙල් ප්‍රමාණය අනුව මිනිසා මෙන්ම මිහිකත වායුගෝලය ආරක්ෂා වේෙ
මානව සංගීතය ආකාර දෙකක් ඔස්සේ ප්‍රබේදනය වේ.
*භාව සංයමදාරී සංගීතය (Sentimental tranquilizing music)
මිනිසාගේ මානසික හා කායික සෞඛ්‍යය හා පැවැත්ම කෙරෙහි විපුල මෙහෙයක් ඉටු කරනු ලබයි. මේ සංගීතය ශ්‍රවණයේ දී කිසියම් වින්දනීය ආශ්වාදයක් තුළින් මානසික සංයමයක් සමතුලිතභාවයක් හා ප්‍රබෝධයක් ගෙනදෙයි.
*භාව ප්‍රකෝපකාරී සංගීතය (Sentimental provocative music )
මිනිසාගේ සෞඛ්‍යය කෙරෙහි පැවැත්මට විශාල හානියක් සිදුකරනු ලබයි. මේ සංගීත ක්‍රමය අන්තර්ගතව ඇත්තේ අධික ඝෝෂාකාරී රිද්මගත හා නාද සංකලනයයි.
නින්ද හා සංගීත
සියලුම රෝගාබාධ මෙන්ම මානසික කායික සුවය ලබා ගැනීමට ඇති එකම මිල කළ නොහැකි ලාභයකි සුවබර නින්ද. සුවපහසු නින්දක් නොලැබීමට ඉතාමත් කාර්යබහුල ජීවන රටාව බලපායිත එහෙත් අද වන විට ඒ කාර්යබහුල ජීවන රටාව නැත. මානසික කායික අවපීඩන තත්ත්ව වගේම නොසන්සුන් බව නිසාත් නින්ද තරමක් දුරස් වී ඇත. එයද සුවපත් නිරෝගී දිවිය පිරිහීමට හේතුවකි. සුවපත් නින්දට හොඳම ඖෂධයක් ලෙස භාව සංයමදාරී සංගීතය (sentimental tranquilizing music )බොහෝ පිටුවහලක් වනු ඇත .
ගායනය කෙරෙන අවස්ථාවේදී අපට ගැඹුරු ලෙස ස්වසනය කිරිමට සිදුවන අතර එමගින් සිරුර පුරා රැධිර සංසරණ වේගය වැඩි වේ . Endorphins හෝමෝනය වැඩි වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස ය.
සංගීත චිකිත්සාවේදී සිදුවන්නේ හෘදය ස්පන්දනය හා ස්වසනය පාලනය කරන ස්වං සිද්ධ ස්නායු පද්ධතිය වෙත බලපෑම් ඇති කිරීමයි.
අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ මිනිත්තු 40ක කාලයක් සමූහ ගායනයක නිරත වීමෙන් කෝටිසෝල් නැමති මානසික ආතතිය (Stres ) ඇතිකෙරෙන හෝමෝනය ශීඝ්‍රයෙන් අඩුවන බවයි.
ගායනය කිරීමේදී පෙනහලු ආබාධ සහිත පුද්ගලයන්ට ස්වසන හැකියාව වැඩි වීමත් ඩිමෙන්ෂියා වැනි රෝගී තත්ත්වයන්ට සහනයක් ලැබීමත් සිදුවන බව පර්යේෂකයන්ගේ මතයයි.
පෙනහලු ආබාධ නිසා හටගැනෙන ඇදුම රෝගයේ සිට පෙනහලු පිලිකා දක්වා රෝගීන් වෙනුවෙන් ගායන වැඩමුළු පවත්වන මයින්ඩ් සෝන්ග් ආයතනයේ චිකිත්සක අංශයේ අධ්‍යක්ෂක මැගී ග්‍රේඩ් පවසනුයේ 'ගායන වැඩමුළු පහක් හෝ හයකට සහභාගි වූ පසු ඇතැම් රෝගීන්ගේ ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ හැකියාව පැහැදිලිව යහපත් වූ බවයි.’
නූතන හෘදය රෝග පිළිබඳ කරනු ලබන බොහෝ වෛද්‍ය මෙහෙයුම් ඖෂධ හා ප්‍රතිකාර ක්‍රමවේද අතර හෘදය රෝගීන් සුවපත් කිරීමෙහිලා සංගීතය එක්තරා ප්‍රතිකාර ක්‍රමයක් ලෙසින් යොදා ගනු ලබයි.
හදවත් රෝග හා ලේ ගමනය පිළිබඳව දීර්ඝකාලීන පර්යේෂණයන්හි නියැළුණු රුසියානු ජාතික වෛද්‍යවරුන් සොයා ගත්තේ ඩොජියල් සංගීතය ශ්‍රවණය කිරීමෙන් මානසික ආතතීන් මග හැර ගත හැකි බවත් රුධිර සංසරණය හා රිද්මය නිවැරදි වන බවත්ය.
සංගීත ස්වභාවය, රිද්මය, තානය හා නාදමය හැඩ මත සිරැරේ වෙනස්කම්, හෘද ස්පන්දනීය රිද්මයේ විපරිත තත්ත්ව ඇති වේ.
යෝග දර්ශනය හා බැඳුණු සංගීතය
වර්තමානයේ දී යෝග දාර්ශනික කායික හා මානසික ලිහිල් භාවය ඇති කරන යෝග අභ්‍යාස ප්‍රගුණ කිරීමේදී ඊට ගැළපෙන උදම් රළ හඬ, ගලායන දිය පහරවල්, වැසි ජලයේ හඬ, කුරුලු හඬ, සංගීත භාණ්ඩ (බටනලා වයලීනය, සර්පිනාව) වැනි නාද යෙදීම හා ඊට අමතරව යෝග ප්‍රගුණ කිරීමේ දී යොදා ගන්නා " ඕම් " කාරය ,ගයත්‍රී වැනි විවිධ මන්ත්‍ර මෙන්ම විශේෂයෙන්ම භක්ති යෝග තුළින් දක්වන දෙවියන් වෙනුවෙන් භක්තිය වඩවන භජන්, කීර්තන් ගායනා ද මනසේ ශක්තිය අවදි කිරීමටත් ,මනස ශක්තිමත් කිරීමේ අරමුණිනුත් යොදා ගැනේ.
ගර්භණියයි සංගීතයයි
ඔබ දන්නවාද? මව්කුස තුළ සිටින ඔබේ පුංචි පැටියාට සංගීතය ඇසීමට සැලැස්වීමෙන් යහපත් ප්‍රතිඵල ලැබෙන බව.
නූපන් දරුවන් වෙනුවෙන් සංගීතයේ බලපෑම පිළිබඳ අධ්‍යනයේදී බ්‍රිතාන්‍යයේ නොටිංහැම් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥ සහ ඉංජිනේරු ජොනතන් ෆුල්ෆර්ට් විසින් MRI උපාංගයේ බෝල්ඩ් ඉෆෙක්‌ට් වර්ගීකරණය සම්බන්ධ කරගත්තා. එයින් ගැබේ සිටින දරුවාගේ මොළයේ ඔක්‌සිජන් දර්ශනය දැක බලා ගැනීමට පුළුවන්.
මෙහිදී කුස සිටින දරුවාට සංගීතය ඇසෙන්නට සලසා මවු කුසට සම්බන්ධ උපාංග මගින් දරුවාගේ මොළයේ රුධිර සංසරණය අධ්‍යයනය කළා. සංගීතය ඇසෙන විට රුධිර සංසරණය මනාව සිදු වෙන අන්දම මෙහිදී පෙනී ගියා.
මෙම අධ්‍යයනය තව දුරට සංවර්ධනය කරමින් ගැබ සිටින දරුවා සංගීතයට සවන් දෙන අන්දම හඳුනා ගැනීමට ගැබේ සිටින කළලයේ මුහුණ පිහිටි දිසාවට රතු ආලෝකයක් ලබා දුන්නා. ඒ අතරම සිදු කරන ලද MRI වාර්තාවෙන් පෙනී ගියේ දරුවාට ශබ්දය ඇසෙන බවත් රුධිර සංසරණයට සමගාමී ලෙසින් පෙනීම සහ ඇසීම ඉතා හොඳින් සිදු වෙන බවත්ය.
නමුත් මේ අවස්‌ථාව වෙනුවෙන් යොදා ගත යුත්තේ කඨෝර නොවන ළයාන්විත සංගීතය බවත් අමතක නොකළ යුතු බවත් ජොනතන් සඳහන් කරනවා. ඒ අනුව ඔබ ගර්භණී මවක් නම් මෙම ව්‍යසන අවස්ථාවෙ සංගීතය ඔබවත් දරු පැටියාවත් නිරෝගීව තබාවි.
නැතිනම් ඔබට ඔබේ දරු ගැබට ඇසෙන්න කුස අතගාමින් සියුම් නාදයකින් නැළවිලි ගී කියන්න පුළුවනි. එයත් ඉතා ඵලදායීය.
සංගීතය යනු විශ්ව භාෂාවකි. මිනිසාට පමණක් නොව මිහිතලයෙ ඇති ගස් වැල් සතා සිව්පාවුන් සුවපත් කරන ගුණය මේ ස්වභාවදහමින් මතු කරන සංගීත රටාවන් තුළම ගැබ්ව ඇත.
එනිසාවෙන් මේ අපූර්ව වූ සංගීතය යහපත් ලෙස යොදා ගෙන මිහිතලය ද ඔබ ද නිරෝගී යහපත් සුවයක් ළඟා කර ගැනීම ඔබ සතුයි.
මේ ඒ සදහා ඇති හොඳම කාලයයි. මෙලෙසින් වයස් භේදයකින් තොරව ඔබ සියලු දෙනාට සංගීත චිකිත්සාව මගින් සුවබර දිවියක මඟ කියයි.
😍😍
ReplyDeleteNiyamai
ReplyDelete👍
ReplyDeleteBest💜️💜️💜️
ReplyDelete👍👍
ReplyDelete👍👍👍
ReplyDeleteBest
ReplyDelete👌❣️
ReplyDelete😍😍
ReplyDelete😍😘
ReplyDelete😍👌👌
ReplyDeleteවැදව්ත්
ReplyDelete👍👍
ReplyDelete