නූපන් කලලයේ කතාව
අද ලෝකයේ ප්‍රධාන ගැටලුවක් බවට ගබ්සාව පත් වී ඇත.සදාචාරමය , සමාජීය හා නෛතික ගැටලුවක් ලෙස මෙය පෙන්වා දිය හැක.පොදුවේ ගත් කල ගබ්සාව යනු කලලය නොමේරු අවධියේම ගර්භාෂයේන් ස්වාභාවිකවම ඉවත් වීම හෝ ඉවත් කිරීමයි.මෙය ප්‍රධාන ආකාර දෙකකට සිදු විය හැක.එනම් නිතැත් ගබ්සාව හෙවත් ස්වාභාවිකවම කලලය ගර්භාෂයෙන් පිටතට පැමිණීම හා ප්‍රේරිත ගබ්සාව හෙවත් බාහිර බලපෑමක් මගින් කලලය ගර්භාෂයෙන් ඉවත් කිරීමයි. අද වන විට ප්‍රේරිත ගබ්සාව බහුලව සිදු වන අතර ඒ සදහා විවිධ හේතුන් බලපා ඇත.බලහත්කාරයෙන් හෝ ලිංගික අතවරයට ලක් වූ විට,ක්‍රමවත් පවුල් සැලසුම් ක්‍රමයක් අනුගමනය නොකිරීම , දරු ගැබ පිහිටන අවස්තාවේ එය අපේක්ෂා කල ද පසුව ඇතිවන විවිධ ආර්ථික , සමාජ හා සෞඛ්‍ය හේතුන් මත ගබ්සා කිරීම , අනපේක්ෂිත කාලයේ දී සිදු වන හදිසි ගැබ් ගැනීම්, තවත් දරුවකු නඩත්තු කිරීම පවුලේ අනෙක් දරුවන්ගේ අගතියට බලපෑ හැකි යැයි නිගමනය කිරීම වැනි හේතූන් ය.ගබ්සාව යන්න උග්‍ර ප්‍රශ්නයක් වීමට හේතුව නවීන පවුල් සැලසුම් ක්‍රම වලට වඩා සාම්ප්‍රදායික ක්‍රම අප සමාජයේ ප්‍රචලිතව පැවතීමයි. ලෝකයේ ඇතැම් රටවල මෙය නීත්‍යානුකූල කර ඇති අතර...