මන්දපෝෂණය

   අවිධිමත් හා ප්‍රමාණාත්මක නොවන ආහාර රටාවක් නිසා ඇති වන තත්වයක් ලෙස මන්දපෝෂණය හැදින් වේ. ප්‍රමාණවත් නොවූ ආහාර පරිභෝජනය , ආහාර අවශෝෂණයේ ගැටලු හා පෝෂක ද්‍රව්‍ය සිරුරේන් අධිකව ඉවත් වීම නිසා මන්දපෝෂණය හට ගනී. එමෙන්ම යම් අයකු දිගු කාලයක් අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හා සංඝටක ඇතුලත් නොවන ආහාර රටාවක් පවත්වා ගෙන යාමෙන් මේ තත්වය ඇති වේ.රෝගාබාධ ආසාදනයන් හා නිරාහාරව සිටීම ප්‍රධාන හේතුව ලෙස පෙන්වා දිය හැක.                                                                                                 සංවර්ධනය වෙමින් පවතින රටවල මෙය ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇත.දුර්භීක්ෂ තත්වයන් බලපා ඇති කොටස් වල බුද්ධි මට්ටම ඌණ වීමට ප්‍රධාන හේතුව මෙයයි.                                                                                                      මන්දපෝෂණයට ලක් වූවන්ගේ ආහාර වල අවශ්‍ය කැළරි, ප්‍රෝටීන් , විටමින් හා අතවශ්‍ය සංඝටක ඌණ වීම නිසා මෙය ඇති වී ඇත. මේ නිසා ඇති වන රෝග ඌණතා රෝග ලෙස හදුන්වයි. විටමින් C ඌණතාව හේතුවෙන් ඇති වන ශීතාද රෝගය බහුලව දක්නට නොලැබුනත් ප්‍රසිද්ධ ඌණතා රෝගයක් ලෙස පෙන්වා දිය හැක.                                                                                                                                                   ප්‍රෝටීන - ශක්ති මන්දපෝෂණය හා ක්ෂුද්‍ර පෝෂක ඌණතා මෙයට ප්‍රධාන හේතුව වන අතර ශක්ති ජනක ආහාර හා ප්‍රෝටීන් නොලැබීම නිසා ප්‍රෝටීන ශක්ති මන්දපෝෂණයත් , සිරුරේ වර්ධනයට අත්‍යවශ්‍ය විටමින් හා ඛණිජ ළවණ ඌණ වීම නිසා ක්ෂුද්‍ර පෝෂක ඌණතාව ඇති වේ.සිරුරේ රෝග වලට ඇති ප්‍රතිවිරෝධතාව අඩු වීමට හේතුව විටමින් A  ඌණතාවයි. විටමින් A , යකඩ හා අයඩීන ඌණතාව ප්‍රධාන ප්‍රජා සෞඛ්‍ය අර්බුදයකි.මේ නිසා කුරු බව , බුද්ධි මට්ටම හීන වීම , සංජානන ආබාධ , සමාජශීලි බව අඩු වීම , පෞරුෂ වර්ධනය අඩාල වීම , ශක්ති සම්පන්න බව මෙන්ම මාංශපේෂි වර්ධනය අඩාල වීම වැනි දෑ වලට මුහුණ දීමට සිදු වේ. එමෙන්ම මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස සමෙහි කළු පහැති ලප ද මතු විය හැක. මෙය මානසික තත්වයට ද බලපාන බැවින් ඒ පිළිබඳ මූලික අවබෝධයක් අපට ලබා ගත හැක.                                                                                                       ශ්‍රී ලංකාවේ 22.1% ක් මනමන්දපෝෂණයෙන් පෙලෙන බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය ප්‍රකාශ කරයි. ලංකාවේ අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 17%ක් දීර්ඝ කාලීන මන්දපෝෂණ තත්වයක් වන මිටි බවින් පෙලෙන බව 2016 වාර්තාවන්ට අනුව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙයි. නමුත් දකුණු ආසියාවේ මිටි බව අඩුම රටත් ලංකාවයි. නමුත් නේපාලයේ මෙය 36% ක්ද , ඉන්දියාවේ 38%ක්ද බව පෙන්වා දී ඇත. එමෙන්ම අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 15%ක් කෙටිකාලින මන්දපෝෂණයේ අතුරු ප්‍රතිඵලයක් වන කෘෂ බවට පත් වී ඇති බවද පෙන්වා දෙයි.                                                                                                             මැරස්මස් හා ක්ශිවෝයොකෝර් කලාප වල මන්දපෝෂණය උග්‍රව දක්නට ලැබේ. ලංකාවේ මන්දපෝෂණ මරණ හා උග්‍ර රෝග වාර්තා නොවීම විශේෂත්වයකි.                                                                                                                                       මන්දපෝෂණය වළක්වා ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කීපයක් ඉදිරිපත් කර ඇත.එනම් ක්‍රමානුකූලව දරුවන්ගේ බර,දිග,උස මැනීම , පෝෂණ උපදේශනය, විටමින් A හා ක්ෂුද්‍ර පෝෂක ඌණතා රෝග පිළිබඳ අවධානය යොමු කිරීම ,නිරක්තිය වළක්වා ගැනීමට විටමින් A ලබාදීම , යකඩ හා ක්ෂුද්‍ර පෝෂක අතිරේකයන් ලබා දීම වැනි දේවල් ය.                                                                                                                                                       ලංකාවේ පාසල් දරුවන් තුනෙන් එකක් එනම් දාහතර ලක්ෂයක් පමණ උදෑසන ආහාර වේල මගහැරීම මෙයට ප්‍රධාන හේතුව වී ඇත.මේ නිසා මෙය මොළයේ වර්ධනයට හා ශරීර වර්ධනයට සෘජුව බලපාන බව ද සදහන් වේ.                                                                                                                                                                             ලෝකයේ ධනවත් රටවල් වල අධික ආහාර පරිභෝජනය හා ආහාර විශාල ප්‍රමාණයක් ඉවත දැමීම නිසා ලෝකයේ අනෙක් කලාප වල මන්දපෝෂණය ඇති වීමට හේතු වී තිබේ.එය ප්‍රබල ගැටලුවකි. අධික පරිභෝජනය වෙනුවට ප්‍රමාණවත් පරිභෝජනය සිදු කලේ නම්  මේ තත්වය වළක්වා ගැනීම අපහසු නොවේ.දරුවන්ට මෙය මූලිකව බලපෑම රටේ අනාගතයට ද බලපෑම් කිරීමකි.තමුන් ඉවත ලනුයේ තවත් අයකුගේ ආහාර වේලක් යැයි සිතා ආහාර පරිභෝජනය කරයි නම් යම් තත්වයකට හෝ මේ තත්වය අවම කර ගත හැකි වේ.                                                                        


Comments

  1. වැදගත් ලිපියක්.😍

    ReplyDelete
  2. වටිනා ලිපියක්

    ReplyDelete
  3. දැනෙන නොදැනෙන දුක.😔

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්ලාස්ටික් සැත්කම්

වසංගතයක් වූ මැලේරියාව

සිනහව