ස්ත්‍රී දරිද්‍රතාව










  •   ලෝකයේ සෑම තැනින්ම පීඩාවට පත් වනුයේ කාන්තාවන්ය.ලොව ජීවත් වන බිලියන 5ක දිළින්දනගෙන් බහුතරයක් කාන්තාවන් යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර සිටී.මෙය ලෝකයේ සෑම රටකටම පොදු වූ කරුණකි.ඔවුන් සතු ශ්‍රමයට මූලික අවධානයක්,අගයක්  නොලැබීම එයට ප්‍රධාන කරුණකි.එමෙන්ම ඔවුන්ගේ අධ්‍යාපන , පෝෂණය, සනීපාරක්ෂාව පිළිබඳ යොමු වී ඇත්තේ අඩු අවධානයකි. එනිසා ඔවුනට රැකියා වල නිරත වීමේ ගැටලු මතු වී ඇත. විශේෂයෙන් ම ඇතැම් ආයතන වලින් කාන්තාවන් සම්බන්ධ කර ගැනීමට අකමැත්තක් පැවතීම ද දුකට කාරණාවකි.                                                  ස්ත්‍රී දරිද්‍රතාව අද වන විට ගෝලීය ගැටලුවක් වී ඇති අතර එයට බලපාන හේතු කීපයක් ඇත.                                                                            
  •  කාන්තාවන්ට සම්පත් උපයෝජනයට ඇති අවම ඉඩකඩ .                                                   
  •     කාන්තාවන්ට සමාජ ආර්ථිකයට ඇති අවකාශය අඩුය.                                                     
  •    ශ්‍රම වෙළෙඳපොළ තුළ ඇති විභේදනය.        
  •   ප්‍රාග්ධන වෙළෙඳපොළ ආශ්‍රිත විභේදනය.        
  •  කාන්තාවන් සමාජීයව බහිෂ්කරණයට.          
  • කාලය පිළිබඳ සංරෝධනය.                      එසේම මෙලෙස ස්ත්‍රී දරිද්‍රතාව උග්‍රව ඇති විට ඒ වෙනුවෙන් නැගී සිටීමට ද බොහෝ ආයතන ඉදිරිපත් වී ඇත. නමුත් එතුළින් තම වගකීම හරිහැටි ඉටුවනවා ද යන්න සැක සහිතය.             ප්‍රධාන වශයෙන් කුටුම්භය තුළ සහයෝගීත්වය ආරක්ෂා කර ගනිමින් ඔවුනට අධ්‍යාපනය හා නීතිමය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් ඔවුන් මෙතුලින් මුදවා ගැනීමට රජය උත්සාහ දර‍‍‍‍‍‍යි.                                                                              එමෙන්ම ඇතැම් ආයතන වල දක්නට ලැබෙන සේවා හා අවකාශයන් ස්ත්‍රී පුරුෂභාවය අනුව වෙනස් වේ.එසේ ඇති වන අසාධාරණයකම් අවම කරමින් ස්ත්‍රීන් නගා සිටු වීමට එම ආයතන යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබ‍‍‍‍‍‍යි.                                                                  සාර්ව ආර්ථික ප්‍රතිපත්තිකරණය නිසා ද කාන්තාවන් ඇතැම් අවස්තා වල අසරණභාවයට පත්ව තිබේ.එබැවින් එවැනි ප්‍රතිපත්ති සැසැකසීමේ දී මේ ගැන අවධානය යොමු කිරීම වැදගත් වේ.1997 විවෘත ආර්ථික ප්‍රතිපත්ති නිසා  කාන්තා සේවා වියුක්තිය පහළ යාමක් දක්නට ලැබීය.(ඇගලුම්හල්  නිසා)              කාන්තාව නිසාවෙනි ලෝකය පවතිනුයේ එබැවින් ඇය සුරක්ෂිත කිරීම සියලු දෙනාගේම වගකීමකි .ඇයට අවශ්‍ය දෑ සපයමින් සමාජයේ නිසි තැන ලබා දීමට කටයුතු කිරීම වැදගත් වේ.







Comments

  1. Semage awadanayata lak wiya yuthui

    ReplyDelete
  2. නව ප්‍රවේශයක්🤟

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්ලාස්ටික් සැත්කම්

වසංගතයක් වූ මැලේරියාව

සිනහව