මානව හිමිකම් කොමිසම

   පසුගිය කාලයේ බොහෝදෙනා බොහෝ තැන්වල බොහෝවිට  මානව හිමිකම් පිළිබඳ කතා කළහ. ලෝකයේ මානව හිමිකම්  පිළිබඳ නව ප්‍රවේශයක අවශ්‍යතාව පදනම් කරගෙන 1991 පැරීසියේදී රැස් වූ රාජ්‍යයන් පැරිස් මූලධර්ම ගොඩනගා ගත් අතර සෑම රටක්ම ස්වාධීන මානව හිමිකම් කොමිසමක් ආරම්භ කල යුතුය යන්න එහි ප්‍රධාන නිර්දේශයක් විය.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් වශයෙන් මානව හිමිකම් සුරැකීම , ජාත්‍යන්තර ගිවිසුම් මගින් පවරා ඇති රාජකාරි හා පොරොන්දු ජාත්‍යන්තර මට්ටමෙන් ක්‍රියාවට නැංවීම, සෑම පුරවැසියකුගේම මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීමට කටයුතු කිරීම, නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම වැනි කරුණු මූලික කර ගනිමින් 1996 අංක 21 දරණ පණතින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ආරම්භ කරන ලදි.                                                         නීතියේ ආධිපත්‍යයට කෙරෙහි ඇති ගරුත්වය ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම හා සෑම පුරවැසියකුගේම මානව හිමිකම් ආරක්ෂා කිරීම මෙහි දැක්මයි.                                                       මානව හිමිකම් කොමිසම සතුව බලතල කීපයක් පවතී. රට තුළ මානව හිමිකම් අධීක්ෂණය , ප්‍රවර්ධනය , ආරක්ෂාව හා උපදෙස් දීම , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමේදී හෝ වීමට ආසන්න අවස්තා වලදී ශ්‍රේෂ්ඨාධිකරණයට අමතරව සෑම තරාතිරමක  පුද්ගලයන්ට සහන ලබා දීම , පාර්ලිමේන්තුව හා රජයට මේ ක්ෂේත්‍රයට අදාළ උපදෙස් ලබා දීම ඒ අතර වේ.                                                               එමෙන්ම කොමිෂන් සභා පනතේ 10වන වගන්තිය යටතේ මෙහි කාර්‍යභාරයන් පෙන්වා දී ඇත. සියලුම රාජ්‍ය ක්‍රියා පටිපාටීන් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහතික කර ඇති මූලික අයිතිවාසිකම් වලට අනුකූල වන බව තහවුරු කිරීම , මූලික අයිතිවාසිකම් වලට අනුකූලව නීති සම්පාදනය පරිපාලන විධි නියමයන් හා ක්‍රියා පටිපාටීන් සැකසීමට රජයට උපකාරී වීම හා උපදෙස් දීම , ලංකාව එළැඹ ඇති මානව හිමිකම් ගිවිසුම් බැදීම් වලට අනුකූලව ජාතික  නීති හා පරිපාලන පරිචයන් සැකසීමට රජයට නිර්දේශ ලබාදීම , අන්තර්ජාතික මානව හිමිකම් ගිවිසුම් හා මානව හිමිකම් ක්ෂේත්‍රයේ ඇති වෙනත් අන්තර්ජාතික මෙවලම් පිළිගැනීමට රජයට උපදෙස් ලබා දීම , රට තුළ මානව හිමිකම් ගැන දැනුම ප්‍රවර්ධනය කිරීම ඒ අතර වේ.                                                                             ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් මෙම ක්ෂේත්‍රය පිළිබඳ දැනුමක් , ප්‍රායෝගික අත්දැකීමක් ඇති සුළු ජාතික නියෝජනයක් ද සමග සාමාජිකයන් 5කු වසර 3ට පත් කරනු ලබයි.නිළධාරීන් හා මූල්‍යමය ප්‍රතිපාදන සැලසීම මත  මෙහි ස්වාධීනත්වය තීරණය වේ.                                             මෙමගින් වැඩි අවධානයක් යොමු කරනුයේ රැදවියන් ගේ ආරක්ෂාව හා සුබසාධනය කෙරෙහි ය. ඊට අමතරව ළමයින් , කාන්තාවන් , විදෙස්ගත ශ්‍රමිකයන් , විශේෂ අවශ්‍යතා ඇති හා වැඩිහිටි අයගේ අයිතිවාසිකම් මෙන්ම අභ්‍යන්තර අවතැන් වූවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සේම වධ හිංසාව තුරන් කිරීම කෙරෙහි යොමු වී ඇත.                                                    දිවයින පුරා සියලුම පළාත් ආවරණය වන පරිදි ප්‍රාදේශීය කාර්‍යාල 10ක් පිහිටුවා ඇත. මාතර, අම්පාර , ත්‍රිකුණාමලය, මඩකලපුව , බදුල්ල , වව්නියාව , කල්මුණේ , අනුරාධපුරය , යාපනය හා මහනුවර ඒවා පිහිටා ඇති අතර ප්‍රධාන කාර්‍යාලයෙන් සිදු වන සේවාවන් නොඅඩුව මේවා තුළින් ද ලබා ගත හැක.                  2007 වසරේ මානව හිමිකම් කොමිසම B ශ්‍රේණියට පහත දැමූ අතර 2015 දී අත්කරගත් ස්වාධීනත්වය හා ක්‍රියාකාරීත්වය නිසා ජාතික මානව හිමිකම් ආයතනයන් පිළිබඳ විශ්ව සන්ධානය (GANHRI) විසින් 2018 දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව A ශ්‍රේණිය දක්වා උසස් කරන ලදි.එය මෙම කොමිසම ලැබූ ජයග්‍රහණයකි.                                                                මානව හිමිකම් කඩ වූ විට අප යා යුත්තේ මෙයටය. එතුලින් අපට විශාල සේවයක් ඉටු වේ.19 වන සංසංශෝධනයෙන් බිහි වූ මානව හිමිකම් කොමිසමට 20වන සංශෝධනයේ ඇතැම් කරුණු නිසා දිගටම ක්‍රියාත්මක විය හැකි ද? එහි අනාගතය පිළිබඳ අප අවධානයෙන් බලා සිටිමු.                                                                                                                               

                                                                                       

Comments

Post a Comment

Popular posts from this blog

ප්ලාස්ටික් සැත්කම්

වසංගතයක් වූ මැලේරියාව

සිනහව