සිනහව
ලෝකයේ ඕනම කෙනෙක්ට දෙන්න පුලුවන් දෙයක් තමයි සිනහව කියන්නේ.මෙය සහජ මිනිස් ගති ලක්ෂණයක් වන අතර ඉතාම සරල හා ස්වාභාවික අදහස් හුවමාරු කර ගැනීමේ විශ්වීය භාෂාවකි.සිනහව තුළින් නොයෙක් හේතුන් මත දිනපතා අප අදහස් හුවමාරු කර ගනී. සිනහව මිනිසුන්ට අවශ්‍යයම දෙයක් වන්නේ , නොයෙකුත් ජාතීන් විසින් භාවිත කරන විශාල භාෂා ගොන්නක තම අදහස් හුවමාරු කර ගැනීමට අපහසු වුවද ,සිනහව මුලු මහත් විශ්වයම හදුනන එකම භාෂාවක් වන හෙයිනි.අප භාෂාව , සංස්කෘතිය නුහුරු රටකට යන්නේ නම් ප්‍රථමයෙන්ම අදහස් ප්‍රකාශ කරන්නේ සිනාසීමෙනි.කුමන ජාතියක් වුවද නුහුරු භාෂාවක් කතා කලද සිනාවකින් ප්‍රකාශ කරන දේ ඕනම අයකුට තේරේ. සිනහවේ කොටස් දෙකකි.,එනම් ව්...