සැගවුණු,සගවන ඒඩ්ස්

   ප්‍රතිශක්ති ඌනතා සහ ලක්ෂණ ඇති රෝග තත්වයක් ලෙස මෙය හදුන්වා දිය හැක. HIV යනු මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසයකි. HIV මගින් AIDS (ඒඩ්ස් ) තත්ව ඇතිවේ. පුද්ගලයකුගේ රුධිරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති සෛල සංඛ්‍යාව එක් මට්ටමකට වඩා පහළ යෑම මෙහි ලක්ෂණයකි. මේ සදහා දැනට නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති අතර තමා ආරක්ෂාකාරීව සිටීම ඉතාම වැදගත් වේ.                HIV  ආසාදනය වී ඇති බවට දැනගත හැකි වන්නේ  HIV සදහාම සිදු කරන රුධිර පරීක්ෂණයක් තුළින්ම පමණි. එමෙන්ම මෙය ආසාදනය වී දින කීපයක් තුළ තහවුරු කර ගැනීමට ද හැකියාව ලැබේ. ලංකාවේ  HIV සදහා ප්‍රතිකාර ආරම්භ වන්නේ 2004වසරේ සිටය.                                                                               1981 දෙසැම්බර් 1 වන දින ඒඩ්ස් රෝගය මුල් වරට හදුනාගත් දිනයේ සිට එමගින් පුද්ගලයන් මිලියන 25 අධික සංඛ්‍යාවක් මියගොස් ඇත.ලෝක ජනගහනයෙන් 0.6%ක් මෙය ආසාදනය වූවන් වෙති.                                                 HIV ආසාදනය වන ආකාර කීපයකි.ප්‍රධාන වශයෙන් රුධිරය ,ශුක්‍ර තරල,යෝනි මාර්ගයේ ස්‍රාවයන්,ශුක්‍ර මෝචනය හෝ මව්කිරි මගිනි.මීට අමතරව අනාරාක්ෂිත ලිංගික සබඳතා මගින් ,ආසාදිතයකුගේ ඉන්ද්‍රියන් බද්ධ කිරීමෙන් ,ජීවානුහරණය නොකළ එන්නත් කටු මගින් , ආසාධිත රුධිර පාරවිලනය මගින් මෙය ආසාදනය විය හැක.                                                     එමෙන්ම ස්පර්ශයෙන් , හවුලේ ආහාර භාවිතය, වැසිකිළි හෝ පොදු උපකරණ භාවිතය, මදුරුවන් දෂ්ට කිරීම, සිප ගැනීම් තුළින් මෙය ආසාදනය නොවන බව සොයා ගෙන ඇත.                                                                      එසේම  HIV ආසාදනය වළක්වා ගැනීම සදහා ලිංගික ඇසුර විවිශ්වාසදායී ඇසුරක් කර ගැනීම, අනාරාක්ෂිත ඇසුරකදී ආරක්ෂිත ක්‍රම භාවිතය, ආසාදනය වී දරු ප්‍රසූතියකට සූදානම් වේ නම් වෛද්‍ය නිර්දේශ ප්‍රතිකාර ඖෂධ ගැනීම, රුධිර පාරවිලනය, ශුක්‍රාණු ලබා ගැනීම හා අවයව බද්ධ කිරීමේදී සැලකිලිමත් වීම, බාහිර තුවාල ඇත්නම් අන් අයගේ රුධිරය සහිත තුවාල ස්පර්ශ කිරීමෙන් වැලකීම වැනි දෑ කළ හැක.          එමෙන්ම ඒඩ්ස් වැළදීීමේ වැඩි අවදානමක් සහිත කොටස් කීපයක් සිටී. කාන්තා ලිංගික ශ්‍රමිකයන් ,සමලිංගික පිරිමින් ,බීච් බෝයිස්, මත්කුඩු භාවිත කරන්නන්,ඒඩ්ස් වැළදී ඇති අයගේ සහකරු හෝ සහකාරිය ඒ අතර වේ.           වැදගත්ම කරුණ වන්නේ මේ සදහා ප්‍රතිකාර ලබන්නන්ගේ රහස්‍යභාවය සුරකින නොමිලේ ප්‍රතිකාර කරන ක්‍රමයක් පැවතීමයි.මෙහිදි රෝගියාගේ කැමැත්ත පරිදි ඕනෑම රජයේ සායනයකට යොමු විය හැක.මෙහිදි රෝගියකුට රුපියල් 750.00 ප්‍රවාහන දීමනාවක් ද ගෙවනු ලබයි.                                                                                 ලංකාවේ වයස අවුරුදු 18-40ත් අතර තරුණ පිරිමින් අතර  HIV බහුලව ව්‍යාප්ත වන බව සොයාගෙන ඇත.දැනට ලංකාවේ සෞඛ්‍ය සම්පන්න,ප්‍රීතිමත් හා සාමාන්‍ය ජීවිත ගත කරන  HIV ආසාදිතයින් 1,600ක් රජයේ රෝහල් වලින් නොමිලේ ප්‍රතිකාර ගනු ලබයි.                          2018 වර්ෂය අවසාන වනවිට ලොව පුරා  HIV ආසාදිතයින් ගණන මිලියන 37.9ක් වන අතර ඉන් මිලියන 23.3ක් ඒ සදහා ප්‍රතිකාර ලබති.එසේම වසරකට මිලියන 1.7ක් HIV නව ආසාදිතයින් බවට පත් වේ.ගෝලීය තිරසාර සංවර්ධන ඉලක්ක යටතේ 2030 වන විට මෙය ලෝකයේන් තුරන් කිරීමට කටයුතු කරයි.                ලංකාව සෙසු රටවලට සාපේක්ෂව HIV ආසාදිතයින් අඩු රටකි.නමුත් වාර්තා වීමේ වැඩි වීමක් දක්නට ලැබේ. 2013සිට 2018 දක්වා 196,228,235,249,285 සහා 350 බැගින් වාර්තා වී තිබේ.මෙය ඒ සදහාම වූ රුධිර පරීක්ෂණයක් තුළින් හදුනා ගන්නා අතර පෙත්තක්,පෙති කීපයක් ඖෂධ ලෙස ලබා දෙන අතර එහි අතුරු ආබාධ අවමය.                                                    තරුණ පිරිස් දැනුවත් කිරීමට අන්තර්ජාලය හරහා Know for sure යන යෙදවුම තුළින් තරුණ පිරිස් දැනුවත් කරමින් ප්‍රතිකාර වලට යොමු කරනු ලබයි.ඉතා අඩු අවධානම් ආසාදිතයකුට රජය විසින් මසකට රුපියල් 3000-5000ක් අතර පිරිවැයක් ද ඊට වැඩි අවධානම් අයට රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් වැය කරයි.                                                        දිවයින පුරා රජයේ රෝහල් වල ලිංගාශ්‍රිත රෝග සායන සතියේ දිනවල පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා ද සෙනසුරාදා දිනවල පෙරවරු 8.00සිට පස්වරු 12.00 දක්වා සිදු වේ.     ශ්‍රී ලංකාවේ  HIV ආසාදිතයින් බහුලව වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. 2025 වන විට ලංකාවෙන් මෙය තුරන් කිරීමට අපේක්ෂා කරයි.ලෝක ඒඩ්ස් දිනය දෙසැම්බර් 1  වන දිනට යෙදී ඇත. මෙය රෝගයක් නිසා අනෙක් පුද්ගලයන්ට හිමිවිය යුතු අයිතිවාසිකම් භුක්ති විදීමට මොවුනට ද අයිතියක් ඇත.එබැවින් ඔවුන් සමාජ පිළිකුලට භාජනය නොකර සිටීමට වගබලා ගනිමු.                                                                                                                                   


Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Aids හැදුනොත් මොකද කරන්න ඔනෙ එක ගැන ලිපියක් ලියමු ඉලගට

    ReplyDelete
  3. 👌👌👌👌👍👍👍👍

    ReplyDelete
  4. කතාකරන්න ඕනි මාතෘකා හංගගෙන ඉන්න සමාජයක් සහෝදරී මේක...මේ වචන ටිකම හැංගුනු ජීවිතේකට සැනසිල්ලක් වේවි.

    ReplyDelete
  5. වටිනා හොද වැඩක් මේක නම්

    ReplyDelete
  6. හොඳ දැනුවත් කිරීමක්

    ReplyDelete
  7. ගොඩාක් වටිනවා🤗

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්ලාස්ටික් සැත්කම්

වසංගතයක් වූ මැලේරියාව

සිනහව