මැරෙන්න හිතෙන විශාදය (Depression )

  ජීවිතයේ ඇතැම් අවස්තා වල දුක් කරදර වලට මුහුණ දීමට සිදුවීම අතිශය සාමාන්‍ය තත්වයකි.දින කීපයක් ගිය පසු එය අමතක වීම සිදු වේ.නමුත් එසේ නොවී එය දිගු කාලීනව පැවතෙමින් දෛනික කටයුතු වලට බාධා සිදු වේ නම් එය විශාදය ලෙස හැදින් වේ.                       ලංකාවේ ජනගහනයෙන් 800,000 පිරිසක් මෙම විශාදයෙන් පීඩා විදී.පිරිමින්ට වඩා කාන්තාවන් මෙයින් පීඩා විදින බව සොයා ගෙන ඇත.වැඩිහිටි ජනගහනයෙන් 7%ට මෙය ඇත.                                                                                 මුලින්ම කිව යුතුයි මෙම රෝගය ඇති වීම රෝගියාගේ දුර්වලතාවයක් නොවේ. එවැනි අයකු සිටී නම් තනි නොකළ යුතුය. එවැන්නන් පිස්සන් ලෙස සමාජය හංවඩු ගසනු දක්නට ලැබේ. එබැවින් ඔවුන් ප්‍රතිකාර වලට යොමු වීමට මැලි වීමක් දක්වයි. එය එතරම් යහපත් තත්වයක් නොවේ.                                                       විශාදය ඇති වීම සදහා බලපානු ලබන හේතු කීපයක් ඇත. ප්‍රධාන වශයෙන් ම විභාග අසමත් වීම , විරහව , සමීපතමයකුගේ වියෝව, ගෘහස්ථ හිංසනය, මූල්‍ය පාඩු , ජානමය නැඹුරු බව වැනි දෑ පෙන්වා දිය හැක.                                   එසේම මෙම රෝගි තත්වය අපට හදුනා ගැනීමට එය සතුව ලක්ෂණ කීපයක් දක්නට ලැබේ. ප්‍රධාන වශයෙන් ම දිගින් දිගටම සිතේ පවතින කණස්සලු ස්වභාවය ,ඉක්මනට විඩාවට පත් වීම ,සතුටක් නොමැති වීම පෙන්වා දිය හැක.ඊට අමතරව අවධානය යොමු කිරීමේ අපහසුතාව ,අමතක වීම , තීරණ ගැනීමේ ගැටලු , ආත්ම විශ්වාසය බිද වැටීම , ඍණාත්මක සිතිවිලි , මරණය හා දිවි නසා ගැනීමට සිතීම , කෑම අරුචිය , නින්ද නොයෑම , අලස බව , හුදකලා වීමට සිතීම , අනවශ්‍ය කේන්තිය , ලිංගික ජීවිතය ගැන ආශාව අඩු වී, හිසරදය , බඩ දැවිල්ල , ඇගපත වේදනාව , වැනි දෑ පෙන්වා දිය හැක. මෙම තත්ව සති 2ට වඩා පවතී නම් ප්‍රතිකාර වලට යොමු විය යුතුය.              විශාදය යනු අනිවාර්යයෙන් සුව කළ හැකි දෙයකි. මේ සදහා ඖෂධ ප්‍රතිකාර ,මනෝ චිකිත්සක ප්‍රතිකාර හා විද්‍යුත් කම්පන ප්‍රතිකාර වැනි දෑ සිදු කරනු ලබයි. ඖෂධ තුළින් සති 3-4 කාලයකින් මෙය සුව කර ගත හැක. එහි අතුරු ආබාධ ලෙස වමනය ,නිදිමත ගතිය ,බර වැඩි වීම වැනි දෑ පෙන්වා දිය හැකි අතර මේවා නියමිත මාත්‍රාවට ගත යුතු අතර හිතුමනාපයට නැවැත්විය නොහැක.එසේම මෙම ඖෂධ වලට ඇබ්බැහි වීමක් සිදු නොවන බව කිව යුතුය.            ඖෂධ හා මනෝ චිකිත්සක වලින් පාලනය නොවූ විට විද්‍යුත් කම්පන ප්‍රතිකාර වෙත යොමු වේ.රෝගියා නිර්වින්දනය කර ප්‍රධාන මනෝ වෛද්‍යවරයකු යටතේ විශේෂ පහසුකම් යටතේ මෙය සිදු කරන අතර ආරක්ෂාකාරි ඉක්මන් සුවය ලබා දෙන ක්‍රමවේදයක් ලෙස පෙන්වා දිය හැක.                                                                                විශාදය මාස 6 සිට අවුරුදු කීපයක් පැවතිය හැකි අතර රෝගය පාලනය වූ පසු මාස 4-6 පමණ යනතුරු ප්‍රතිකාර ගත යුතු අතර නැවැත්වීමෙන් පසු 30%ට නැවත මෙය හට ගනී.නැවත වැළදුනු විට මාස 6-24 ක් දක්වා ප්‍රතිකාර ලබා ගත යුතුය. නිරතුරුව වෛද්‍යවරයා හා සබඳතා පැවැත්වීම අවශ්‍ය වේ.       දිස්ත්‍රික් රෝහල් ,ශික්ෂණ රෝහල් ,මහා රෝහල් වල හා අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය ,පෞද්ගලික රෝහල් මෙන්ම යෞවන සමාජ ,පාසල්, වැඩිහිටි නිවාස,ළමා නිවාස තුළින් මේ සදහා ප්‍රතිකාර ලබා ගත හැක.                                                                               ඔබ හෝ හිතවතෙකු මෙම රෝග තත්වයෙන් පීඩා විදී නම් ප්‍රතිකාර වෙත යොමු වීම ,හැගීම් බෙදා ගැනීම , ඖෂධ මාත්‍රාව නිසියාකාරව ගැනීම , මත්ද්‍රව්‍ය,මත් පැන් වලින් ඈත් වීම ,ප්‍රමාණවත් ආහාර වේලක් ගැනීම ,නිසි නින්දක් ගැනීම මිතුරු ඇසුරු පවත්වා ගැනීම ,භාවනා කිරීම හා ව්‍යායාම් වැනි දෑ වල නිරත වීම වැදගත් වේ.                                                                   විශාද තත්වයෙන් පීඩා විදීනම් හෝ මෙහි භයානක තත්වය වන සිය දිවි නසා ගැනීමට සිතේ නම්,                                                                                       ශ්‍රී ලංකා සුමිත්‍රයෝ -(011 268 2535/                                                            011 269 2909)                       CCC පදනම -(1333)                                                  ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය                            (011 749 0000)                                  යන දුරකථන වලට ඇමතිය හැක. යහපත් මානසික මට්ටමක් පවත්වා අප සැමගේ වගකීමක් බව මතක තබාගත යුතුය.                    


Comments

  1. Important thing to all. 💞👏

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්ලාස්ටික් සැත්කම්

වසංගතයක් වූ මැලේරියාව

සිනහව