පිළිලයක් වූ පිළිකා
සිරුරේ සෛලවල ඇති වන රෝගි තත්වයක් පිළිකා ලෙස හදුන්වයි.සියලුම පිළිකා වල පොදු ලක්ෂණයක් වන්නේ පිළිකා සෛල අසාමාන්‍ය වීමත් පාලනයකින් තොරව ඒවා වර්ධනය වීමත් ය. නමුත් පිළිකා අතර විවිධ වෙනස්කම් පවතී. ඈත අතීතයේ මෙම රෝගය එතරම් නොපැවතුණ නමුත් පසුකාලීනව එය ලෝකය පුරා පැතිරුණ රෝගයක් බවට පත් විය. වරෙක බටහිර රටවලට සීමා වුන මෙය අද වන විට ලෝකයේ සෑම රටකම දක්නට ලැබෙන නිදන්ගත රෝගයක් බවට පත්ව තිබේ. මෙය මිනිසුන්ට පමණක් නොව ගස් කොළන්,සතා සිවුපාවාට පවා වැළදෙන රෝගයක් බවට පත්ව තිබේ. අද වන විට මිලියන 6ට වැඩි ප්‍රමාණයක් මිය යාමට හේතුව වන්නේ මෙම පිළිකා රෝගයයි. දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව මෙය ගඩු,බන්ධන , ඇට පලා ගෙඩි,සුව කළ නොහැකි වණ ලෙස හදුන්වයි.පිළිකා සෛල හටගනුයේ අපේ ශරීරයේ ඇති සාමාන්‍ය සෛල වලින්මයි.පිළිකාකාරක නිසා සාමාන්‍ය ජාන සෑදී ඇති ඩී.එන්.ඒ.විකෘති වී එම ජාන පිළිකා ජාන බවට පත් වේ.සෛල අනවශ්‍ය ලෙස බෙදීම මෙයට හේතු වේ. විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන් පුද්ගල චර්යාවන් මෙම රෝගය ඇති වීමට බලපානු ලබයි. එමෙන්ම පිළිකා ඇති වීම සදහා බලපාන හේතුන් කීපයක් ඇත.අධික දුම් කොළ භාවිතය , අධික මත්ද්‍රව්‍ය භාවිතය , රැකියා ආශ්රිත හේතූන්(වායු,ජලය ,පස), ආහාර රටාවේ වෙනස්කම්(ක්ෂණික හා කෘතීම ආහාර ) ඖෂධ වල බලපෑම , විකිරණ වල බලපෑම ,දීර්ඝකාලීන ආසාදන,ප්‍රතිශක්ති ඌනතා හා ප්‍රවේණිගත තත්වයන් පෙන්වා දිය හැක. ලෝකයේ පිළිකා වර්ග 100ට වඩා පවතින අතර කුමන වර්ගයේ සෛලයකින් පිළිකාව ඇරඹෙන්නේ ද යන්න පදනම් කරගෙන ඒවා වර්ග කර ඇත.ප්‍රධාන වශයෙන් පිළිකාවන් කාණ්ඩ 3ට වෙන් කළ හැක. කාසිනෝමාවන් යනු ශරීරයේ මතුපිට හෝ ග්‍රන්ථි ආස්තරණය කරනු ලබන සෛලවලින් හටගන්නා පිළිකාවන් ය.උදාහරණ ලෙස සම හා ආන්ත්රය , මුඛය , ගැබ්ගෙල ,ශ්වසන මාර්ගය ආස්තරණය කරන සෛල ආදියයි. සාකෝමාවන් යනු අස්ථි හා මාංශ පේශී වැනි සම්බන්ධක පටක වලින් හටගන්නා පිළිකාවන්ය.උදාහරණ ලෙස ඔස්ට්යෝසාකෝමා (Osteasarcoma) ලියුකේමියාව හා ලිම්ෆෝමාව යනු ඇටමිඳුළු හා වසා ගැටිති වලින් හටගන්නා පිළිකාවන් ය.වඩාත් බහුලව පියයුරු ,පුරස්ථ ග්‍රන්ථිය, අන්ත්රය හා සම ආශ්‍රිතව දක්නට ලැබේ. පාලනයකින් තොරව කෘතීම රසායනික පොහොර යොදා සකස් කල ආහාර භාවිතය, අධික මේදය සහිත ආහාර , වඩා පවිත්‍ර හා පිරිසැකසුම් කල ආහාර , කල් තබා ගැනීමට එක් කරන දෑ,දිලීර හා වෙනත් ක්ෂුද්‍ර ජීවින් අඩංගු ආහාර ,කෘමිනාශක හා වෙනත් කෘෂි රසායනික ආහාර භාවිතය වැනි දෑ නිසා බහුලව මෙම රෝගය වැළදෙනු ඇත.මෙම රෝගය වැළදීමට හේතු වන්නේ නොදැනුවත්කම හා නොසැළිකිලමත්කමයි.මෙය කලින් හදුනා ගත්තොත් ප්‍රතිකාර ක්‍රම මගින් සුව කර ගත හැක.නමුත් අවධානය යොමු නොකර සිටියහොත් මරණය පවා සිදු විය හැක. කල් අල්ලා පවතින කැස්ස හෝ කටහඬ වෙනස් වීම, සුව නොවන තුවාල, ගැටයක ලපයක හෝ ඉන්නෙකුගේ හදිසි වෙනස් වීමක් හෝ සීඝ්‍ර වර්ධනයක් , පියයුරු හෝ අන් තැනක ගැටයක් හෝ ඝන වීමක්, යෝනි මාර්ගයේ අක්‍රමවත් ලේ වහනයක් හෝ ස්‍රාව වහනයක් , මළ මුත්‍රා පහ කිරීමේ පුරුදු වල වෙනසක් හෝ මළ සමග ලේ පහවීමක්, කලක සිට ඇති අජීර්ණ තත්වයක් හෝ ගිලීමේ අපහසුතාවක් ඇති වුවහොත් ඔබ වඩාත් සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. පිළිකා රෝගය හදුනා ගැනීම සදහා ,කිරණ ජායාරූප ක්‍රම(x-Ray /Barium Enema/ mammography),ස්කෑන් ක්‍රම (MRI,CT,US Scanning),ශරීර අභ්‍යන්තරයේ කුඩා කොටස් ඉවතට ගෙන බැලීම(Endoscopy/Colonoscopy ) ද්‍රව තරල පිටතට ගෙන පරීක්ෂා කිරීම (Bone Marrow Biopsy FNAC) වැනි ක්‍රම යොදා ගනී.මීට අමතරව දුම්කොළ ,මත්ද්‍රව්‍ය අධික භාවිතය අවම කිරීම ,ස්වාභාවික එළවළු පළතුරු ආහාරයට ගැනීම , ව්‍යායාම හා ක්‍රියාශීලි ජීවන රටාවක් පවත්වා ගැනීම ,සැහැල්ලු මනසක් පවත්වා ,නිවැරැදි ලිංගික චර්යා අනුගමනය ,අවුරුදු 35 ඉක්මවූ කාන්තාවන් පැප් පරීක්ෂණ කර ගැනීම ,ස්වයං මුඛ හා පියයුරු පරීක්ෂා කර ගැනීම වැනි දෑ ද සිදු කළ හැක. නූපන් කළලයකට පවා පිළිකා වැළදිය හැකි අතර වයස්ගත අයට බහුලව වැළදේ.ඇමරිකානු පිළිකා සංගමයට අනුව 2007දී ලොව පුරා පිළිකා මරණ මිලියන 7.6 ක් සිදු වී ඇති බව වාර්තා කරයි. පිළිකා සදහා ප්‍රතිකාර ලබා දෙනුයේ එය පිහිටි ස්ථානය ,වර්ගය හා පැතිරී ඇති ප්‍රමාණය අනුවයි,සැත්කම්,රසයනික චිකිත්සාව හා විකිරණ චිකිත්සාවේ සංකලනයක් මෙහිදී යොදා ගනී.රෝගයේ තත්වය හදුනා ගැනීමට පටක විද්‍යාත්මක වර්ගීකරණය හා පිළිකා සදහා විශේෂිත අණුක සලකුණු උපකාරී වේ.නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදහොත් මාරයා කැන්දන පිළිකාව පවා සම්පූර්ණයෙන්ම සුව කර ගැනීම අපහසු නොවේ.

Great👌👌
ReplyDelete👌👌👌👍👍👍
ReplyDelete👌👌
ReplyDelete👍👍👍
ReplyDelete👌🔥
ReplyDelete👌👌
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDelete👍👍
ReplyDelete👍👍👍👍
ReplyDelete👍👍👍👍
ReplyDelete