ස්කුරුප්පු අම්බුලුවාව

    ඉතාම සුන්දර පාරිසරයක පිහිටි ඇවිදින හැමෝම  යන්න කැමති තැනක් තමයි අම්බුලුවාව කියන්නේ. මෙහි ඇත්තේ ස්කුරුප්පුවක  හැඩය ගත් චෛත්‍යයකි. ගම්පොළ නගරයේ සිට හෙම්මාතගම මාර්ගයේ 5km පමණ යන විට අම්බුලුවාව කන්ද හමුවේ. අක්කර 927ක භූමි ප්‍රමාණයක මෙම අම්බුලුවාව කන්ද විසිරී තිබේ.                                   මුහුදු මට්ටමේ සිට අඩි 3567ක් උසින් මෙය පිහිටා ඇත.මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙහි කතෝලික දේවස්ථානයක්,හින්දු කෝවිලක්,මුස්ලිම් පල්ලියක් හා බෞද්ධ පන්සලක් ඉදි කර තිබීමයි.එබැවින් මෙය ,සර්වාගමික ස්ථානයක් ලෙස ද හදුන්වයි.එතුලින් රටේ සංහිඳියාව ද මැනවින් සපත කර තිබේ.                                                            එමෙන්ම මෙහි වී බිස්සක හැඩය ගත් ගොවි ජනයා නියෝජනය කරන ගොවිජන සෑය ඉතාමත් ප්‍රසිද්ධය. එහි එළවළු වගාව දැක්වීමට වට්ටක්කා ගෙඩියකුත් ,පළතුරු  වගාව දැක්වීමට කොකෝවා ගෙඩියකුත් නිර්මාණය කර ඇත.එය අඩි 400ක් පමණ උසින් පිහිටා තිබේ.                                                                              එමෙන්ම මෙහි විවිධ සත්ව කොටස් බහුලව ජීවත් වෙයි. මෙහි සමනල වර්ග 20ක් ද උරග විශේෂ 43ක් ද සිටින අතර ඉන් 24ක් අප රටට ආවේණික  ය.එමෙන්ම සර්ප වර්ග 25ක් හමු වන අතර කුඩාම සර්පයා වන කනඋල්ලා සහා ලොකුම සර්පයා වන පිඹුරා  ද මෙහි සිටී.එසේම පක්ෂි විශේෂ 90ක් ද වෙසේ.විශේෂයෙන් රාල්ත්රී අහස නිරීක්ෂණය කිරීමට  කැමති අයවලුන්ට ඒ සදහා අවස්තාව ලබා දී තිබීම විශේෂ කරුණකි.                                                         පිදුරුතලාගල ,අලගල්ල ,හන්තාන ,සප්ත කන්න්‍යා ,සමනල කන්ද ,මොනරාගල ,රාක්ෂාව,හුන්නස්ගිරිය ,නමුණුකුල ,නකල්ස් ,බතලේගල  ,බහිරව කන්ද ,පීකොක් හිල් වැනි සුන්දර කදු වැටි රාශියක් මෙහි සිට අති සුන්දර ව නැරඹීමට අවස්තාව ලැබේ. එපමණක් නොව අහස පැහැදිලිව ඇති දවස් වලට මහ සයුර පවා දැකගන්නට හැකිය. එතුලින් මෙහි ඇති සුන්දරත්වය මනාව පිළිබිඹු වේ.                             1997 සංවර්ධන කටයුතු ආරම්භ කරමින් 2007 සැප්තැම්බර් 18වැනි දින මහජනතාවට විවර කෙරුණු අම්බුලුවාව  2002 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලොව හොඳම සංවර්ධනය සිදු කරන ලද කන්ද ලෙස තෝරා ගෙන තිබේ.                                                                   දෙස් විදෙස් සංචාරකයන් බොහොමයක් නෙත ගැටෙන අම්බුලුවාව මධ්‍යම කදුකරයේ ආඩම්බරයෙන් සිටී.සුන්දර පරිසරයක පිහිටා ඇති මෙය අපද්‍රව්‍ය නොදා පිරිසිදුව රැක බලා ගැනීම අපගේ වගකීමකි.                                         


Comments

  1. ගෙදරට පේන අපේ අම්බුලුවාව 💛

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්ලාස්ටික් සැත්කම්

වසංගතයක් වූ මැලේරියාව

සිනහව