සිනහව
ලෝකයේ ඕනම කෙනෙක්ට දෙන්න පුලුවන් දෙයක් තමයි සිනහව කියන්නේ.මෙය සහජ මිනිස් ගති ලක්ෂණයක් වන අතර ඉතාම සරල හා ස්වාභාවික අදහස් හුවමාරු කර ගැනීමේ විශ්වීය භාෂාවකි.සිනහව තුළින් නොයෙක් හේතුන් මත දිනපතා අප අදහස් හුවමාරු කර ගනී. සිනහව මිනිසුන්ට අවශ්‍යයම දෙයක් වන්නේ , නොයෙකුත් ජාතීන් විසින් භාවිත කරන විශාල භාෂා ගොන්නක තම අදහස් හුවමාරු කර ගැනීමට අපහසු වුවද ,සිනහව මුලු මහත් විශ්වයම හදුනන එකම භාෂාවක් වන හෙයිනි.අප භාෂාව , සංස්කෘතිය නුහුරු රටකට යන්නේ නම් ප්‍රථමයෙන්ම අදහස් ප්‍රකාශ කරන්නේ සිනාසීමෙනි.කුමන ජාතියක් වුවද නුහුරු භාෂාවක් කතා කලද සිනාවකින් ප්‍රකාශ කරන දේ ඕනම අයකුට තේරේ. සිනහවේ කොටස් දෙකකි.,එනම් ව්‍යාජ හිනාව හා අව්‍යාජ හිනාවයි.විහිලුවකදී මෙන්ම ආවේගයකදී නිරායාසයෙන්ම අප තුළින් පිට වන්නේ අව්‍යාජ හිනාවයි.එය සිනාව හෝ හැඩීම විය හැක.අව්‍යාජ සිනාවකදී මුව,මුහුණේ මාංශ පේශීන් හා අක්ෂි චලනයන් සිදු වීම දක්නට ලැබේ.නමුත් ව්‍යාජ සිනාවකදී එසේ සිදු නොවන අතර ජායාරූප ගැනීමේ දී අසතුටෙන් සිටියහොත් එහිදි ඉදිරිපත් වන සිනාව ව්‍යාජ හිනාව වේ. අප කෙනෙකු හා කතාබහේ යෙදීමේ දී සවන් දෙන පුද්ගලයාගේ මුහුණේ ඉරියව් මත කතාවේ රස හෝ නීරස භාවය අවබෝධ කර ගත හැකි අතර එතුලින් ස්වාභාවික හෝ ව්‍යාජව සෑම සිනාවකම වටිනා අදහසක් ප්‍රකාශ වන බව පැහැදිලි ය. කෙතරම් උත්සාහ කල ද කපටි හා උපහාසාත්මක සිනහව පාලනය කල නොහැක.කල්පනාකාරී වුවහොත් කිසිදු දෙබස් හුවමාරුවකින් තොරව මුහුණක මතුවන සිනහව දහසකුත් අදහස් ප්‍රකාශ කරන බව නිරීක්ෂණය කළ හැක. එමෙන්ම ඇතැම් අය කම්පනයට හෝ අපහසුවකට පත් වූ විට සිනාසෙයි.මුහුණේ අංශභාගය හෙවත් සිනාසීමට නොදන්නා පුද්ගලයන් සමාජ සබඳතා පවත්වා ගැනීමට අපොහොසත් වේ.එවැන්නන් ඕනෑ තරම් අපට මුණගැසී ඇත. එසේම සිනාවට සංස්කෘතික ප්රභේදයන් බලපායි.එක් එක් සමාජීය ආචාර ධර්ම වලට අනුකූලව සිනාසීම උචිත හෝ අනුචිත වේ.නිදසුන් ලෙස ඇමරිකානුවන් උතුරු හා දකුණු දිග ජාතීන්ට වඩා සිනාසෙන බවත් ඉංග්‍රීසීන් අනෙක් අයට වඩා අඩුවෙන් සිනාසෙන බවත් හෙළි වී තිබේ.කෙසේ වෙතත් පෙරදිග ආසියාවේ සිනාසෙන විට අතින් මුව වසා සිනාසෙනු දක්නට ලැබේ. සාමාන්‍යයෙන් පිරිමින්ට වඩා කාන්තාවන් වැඩිපුර සිනාසෙයි. බලවතුන් අඩුවෙන් සිනාසෙන අතර 'ටෙස්ටොස්ටෙරෝන්' නම් පුරුෂ හෝමෝනය හා සිනාව අතර සම්බන්ධයක් ඇති බව සොයාගෙන ඇත.සිනාව ජෛව විද්‍යාත්මක ඔසුවක් වන අතර එහිදි සිරුරේ හෝමෝන ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස මනස සැහැල්ලු වේ. සිනහව ආයුධයක් හා ආභරණයක් කර ගත් පිරිසක් ද සිටී,දේශපාලකයන්,සිනමා තාරකාවන්, මාධ්‍යවේදීන් , රාජ්‍ය නායකයන් ඒ අතර වේ.එතුලින් ඔවුන්ගේ කීර්තිනාමය හා බලය පෙන්නුම් කරයි. විවිධ කරුණු වලට මිනිසුන් සිනාසෙන අතර යම් මුසාවක් පවසන පුද්ගලයා සත්‍ය පවසන පුද්ගලයාට වඩා වැඩියෙන් සිනාසේ.පොලිස් වාර්තා වලට අනුව බරපතල හොරබඩු ජාවරම්කරුවන් හා අපරාධකරුවන් වඩාත් අව්‍යාජව සිනාසෙන්නේ අවසානයේ වරද ඔප්පු වී වරදකරුවන් වන හේතුව නිසාවෙනි. සිනාවක් මුහුණේ ඇති අය විශේෂ අවධානයට යොමු වන අතර ක්ෂණික ප්රතිඵලයන් ද භුක්ති විදී.ඔවුන් නිතරම සතුටෙන් ඉපිලෙන අතර පහසුවෙන් ජයග්‍රහණ කරා යයි.තම කර්තව්‍යය විශිෂ්ඨ ලෙස නිරායාසයෙන්ම ඉටු කර ගනිති. සිනාසීමෙන් වාසි රැසක් අත් වේ .ප්‍රතිශක්තිය වර්ධනය වීම , ජීවිතය ප්‍රීතිමත් වීම, සබඳතා ශක්තිමත් කිරීම , ආතතිකාරක හෝමෝන අවම වීම ,කාංසාව ,බිය පහ වීම ,ආකර්ශනය ලැබීම ,වේදනාව සමනය කිරීම, මස්පිඩු ලිහිල් කිරීම,මනෝභාවයන් වර්ධනය , ගැටුම් විසදීම, හදවත් රෝග වැළකීම,නම්‍යශීලී වීම හා කණ්ඩායම් බැදීම වර්ධනය වීම වැනි දෑ අත්පත් කර ගත හැක. ලෝකයේ අව්‍යාජව සිනාසෙන්නේ කුඩා දරුවන් පමණක් බව අප අසා ඇත.එබැවින් වියදම් නොකර දිය හැකි සිනහව හැමෝටම බෙදා සිනා සාගරයකින් ලෝකය පුරවමු.

Great👌👌👌💜️
ReplyDeletegreat 💐
ReplyDeletewow... 👍
ReplyDelete👍👍
ReplyDeleteBest🖤
ReplyDeleteNice ♥️
ReplyDeleteNiyamai
ReplyDelete👉💜️💜️💜️
ReplyDelete❤️❤️
ReplyDelete👍
ReplyDelete👍👍👍
ReplyDelete😂😂😆😆😆😆😉😉😉😊😊😊😊😎
Delete👌👌👌👌👍
ReplyDelete