විභාග භීතිකාව
විභාග භීතිකාව , විභාග ආතතිය කියන්නේ විභාගයක් ආසන්න වන විට විභාගය පිළිබඳව ඇති වන බියයි. අධ්‍යයන වලින් හෙළි වී තිබෙනවා මෙම භීතිකාව නිසා විභාගය අසාර්ථක වීම හා හිසරදය , චර්ම රෝග හා මානසික පීඩා ද ඇති වන බව.ඇතැම් අයගේ මතකය බිංදුවටම බසින අවස්තා ද දක්නට ලැබේ. මේ නිසා අප කළ යුත්තේ විභාග අතහැර දැමීම නොව භීතිකාව අතහැර දැමීමයි. නැතිනම් අපට ජීවිතය ජය ගැනීම අපහසු වේ.මෙහි බරපතලම තත්වය වන්නේ මෙමගින් ඇතිවන පීඩනය නිසා සිය දිවි හානි කර ගැනීමට පෙළඹීමයි. මෙම විභාග භීතිකාව ඇති වීමට බලපාන හේතු කීපයක් ඇත. හොදින් විභාග කරුණු අධ්‍යයනය කර නොතිබීම නිසා විෂය දැනුම අඩුකම හා නිසි ලෙස සූදානම් නොවීම , කොතරම් පාඩම් කළත් මදි යැයි සිතීම , මිතුරු මිතුරියන් පාඩම් කර ඇති ප්‍රමාණය විමසා මනස වියවුල් කර ගැනීම , තමා අකමැති විෂයන්ට මුහුණ දීමට සිදුවීම , පවුලේ හා අනෙක් අයගේ බලාපොරොත්තු ඉටු කිරීමට හැකි වේ දැයි සිතීම , අනෙක් අය සමග තමා සන්සන්දනය කිරීමට යාම, දෙමාපියන්ගේන් එල්ල වන බලපෑම් ආදී දෑ හේතු විය හැක. මෙහිදි විභාගයට පෙර ඇතිවන යම් රෝගි ලක්ෂණ කීපයක් හදුනා ගත හැක.එනම් ක්ලාන්තය , බඩ රිදීම, අතපය පණ නැති වීම , ඇග වෙව්ලීම, කෑම අරුචිය , අධිකව දහඩිය දැමීම ආදියත් විභාගය ගැන ඇති අකමැත්ත , විෂය කරුණු එපා වීම , උපකාරක පංති වලට යාමට අකමැති වීම , නිතරම තනිව සිටීමට උත්සාහ දැරීම වැනි දෑ පෙන්වා දිය හැක. එසේම විභාග භිතිකාව ප්රබලව ඇති වන්නේ විභාගයට මුහුණ දෙන අවස්තාවේ ය.මෙහිදි ඇස් නිලංකාර වීම හා ක්ලාන්ත වීම ,වැසිකිළි යාමට දැඩි අවශ්‍යතාවක් ඇති වීම , ඇග පණ නැති වීම , අතපය වෙව්ලීම , විෂය කරුණු අමතක වීම වැනි දෑ සිදු විය හැක. මෙය අවම කර ගැනීමට තමා ගැන විශ්වාසයකින් සිටීම , විභාගයට පහසුවෙන් පිළිතුරු සපයන බව සිතීම, විවේක ලබා ගනිමින් පාඩම් කිරීම , රූපවාහිනීය, අන්තර්ජාලය භාවිතය අවම කිරීම , මිතුරු මිතුරියන් සමග පාඩම් කළ ප්‍රමාණය කතා නොකිරීම , ජංගම දුරකථනය පාඩම් කරන අවස්තාවේ විසන්ධි කර තැබීම , පසුගිය ආදර්ශ ප්‍රශ්න වලට ලිවීම , පෞද්ගලික ගැටලු විසදා ගෙන තිබීම , තමාගේ දක්ෂතා හදුනා ගෙන ඒ ඔස්සේ ගමන් කිරීම වැනි දෑ කළ හැක. විභාගයට පෙර දින සියල්ල සූදානම් කර වේලාසන නින්දට යාම , විභාග දින උදෑසන අවදි වී සැහැල්ලු ආහාරයක් ගැනීම , සුලු මොහොතක් හෝ තම ආගම ඇදහීම , වේලාසන විභාග ශාලාවට යෑම , විභාගය පටන් ගන්නා තෙක් අන් අය සමග කතා බහ අවම කිරීම වැනි ක්‍රියාමාර්ග ද ගත හැක. එසේම විභාගය ලියන අවස්තාවේ පිළිතුරු ලිවීමට හැකි ප්‍රශ්න මුලින් තෝරා ලියන්න , තමා පිළිතුරු ලියන විට තම අවට පරිසරය පිළිබඳ අවධානය යොමු නොකරන්න . නිවැරැදිව සෑම පිටුවකම විභාග අංකය , ප්‍රශ්න අංකය නිවැරැදිව ලියන්න අවසානයේ ලියූ පිළිතුරු පිළිබඳ අන් අය සමග සාකච්ඡා කිරීමෙන් ද වැළකී සිටීම වැදගත් වේ. ඔබ විභාග භීතිකාවේ පූර්ව ලක්ෂණ පෙන්වයි නම් තවත් බලා නොසිට කායික රෝග වලට ප්‍රතිකාර ලබා ගන්න.එසේත් නොමැති නම් මනෝ උපදේශකවරයකු වෙත යොමු වී උපදේශන ලබා ගත හැක. ඉක්මන් සුවයක් සදහා මෝහන ප්‍රතිකාර වලට යොමු විය හැකි අතර සුදුසුකම් ලත් මනෝ චිකිත්සකවරයකු වෙත යාමෙන් නවීන ව්‍යායාම හා දියුණු ක්‍රම ශිල්ප තුළින් යටි සිතේ ඇති බිය ඉවත් කර ධනාත්මක අදහස් මනසේ තැන්පත් කළ හැකිය.එවිට විභාග භීතිකාව පලවා හැර සාර්ථකව විභාග වලට මෙන්ම ජීවිතයට ද මුහුණ දිය හැකිය.

Superb❤️👌
ReplyDeleteEl👍
ReplyDelete👍👍
ReplyDelete👍👍
ReplyDelete👍👌
ReplyDeleteවටිනවා 😍
ReplyDeleteBest ආටිකල්
ReplyDelete👌
ReplyDeleteGood article 👍👍
ReplyDeleteExcellent 😍
ReplyDelete👌👍👍
ReplyDeleteGood
ReplyDeleteEla
ReplyDelete👌👌👌
ReplyDelete👌👌
ReplyDelete👌👌👌
ReplyDelete👍👍👍👍👌
ReplyDeleteවැදගත් ලිපියක්..
ReplyDelete👍👍
ReplyDelete👍👍👍
ReplyDeleteBest😍🎉️🎉️
ReplyDelete😫😫😫😫😫
ReplyDelete👍👍
ReplyDelete👍
ReplyDelete