පාතාලය
පාතාලය යනු අප දකිනවාට වඩා විශාල ලෝකයකි.අයිස් කන්දක් මෙන් ඉන් පිටතට පෙනෙන්නේ ඉතා කුඩා කොටසකි. මෙය මෙරටේ ආරම්භ වන්නේ 1980 දශකයෙන් පසුවය. ස්ත්‍රී දූශකයන්ට සාමදාන විනිශ්චයකාර පදවි පිපිරිනැමීම , මැරයන් ලවා විවිද්වතුන්ට ,භික්ෂූන් වහන්සේලාට පහර දීම, විනිසුරුවන්ගේ නිවෙස්වලට ගල් ගැසීම සිදු කරවා ගැනීම වෙනුවෙන් මැරයන්ට ආණ්ඩුවේ කොන්ත්‍රාත් ලබා දීම, පක්ෂ වල ඉහළ තනතුරු වලට පත් කර ගැනීම මේ පාතාලයේ ආරම්භයයි.තවමත් පාතාලය ජීවමානව පැවතීමට හේතුව වන්නේ එයට දේශපාලන සහාය ලැබීම නිසයි. පාට,පක්ෂ භේදයකින් තොරව අදටත් දේශපාලනය හා පාතාලය මිතුරු සබඳතා පවත්වනු ලබයි. ප්‍රථම ඉහළම දේශපාලන අනුග්‍රහය ගෝනවල සුනිල්ට රනිල් වික්‍රමසිංහ හරහා JR ගෙන් ලැබීම පාතාලය ශක්තිමත්ව ගොඩනැගීමට හේතු විය. පසුව ජනපති ප්‍රේමදාස සොත්ති උපාලි උප පොලිස් පරීක්ෂකවරයකු කළේය. පාතාලය ඉබේ බිහි නොවේ. එය බිහි වන්නේ ද සමාජයේ ඇති ඇතැම් කරුණු කාරණා නිසාවෙනි. කුලභේද,පංති භේද හා වෙනත් සමාජමය ගැටලු හමුවේ මිනිසුන් නොමිනිසුන් වේ. තමාට සිදු වූ අසාධාරණයක් නිසා ඇතැමුන් අවි ආයුධ අතට ගනිමින් පලිගැනීමට යොමු වේ.එහි අවසනය වන්නේ පාතාලය බිහි වීමයි. වෙනත් අයකුගේ හෝ තමාගේම පලිගැනීම් පසුපස හඹා යන මොවුන් අතැතිව බොහෝ දුරට දක්නට ඇත්තේ නීති විරෝධී අවි අයුධයි.ඉන් සිදුවන සමාජ අපරාධ ගණන කිව නොහැකි තරම්ය.2016 වර්ෂයේ දී පමණක් නීති විරෝධී අවි 430ක් පොලිස් අත්තඩංගුවට ගෙන ඇති බව සදහන් වේ.එහිදි පිස්තෝල 18ක්, රිපීටර් වර්ගයේ ගිනි අවි 4ක්, බෝර 12 ගිනි අවි 60ක්, ගල්කටස් ගිනි අවි 16, 3.8 ප්‍රමාණයේ රිවෝල්වර අවි 12ක්, ටී 56 අවි 58, බදින තුවක්කු 284ක් හා වෙනත් අවි 11ක් අත්තඩංගුවට ගන්නා ලදි. මෑතකදී සිදු වූ පාතාල ඝාතන රැල්ල අපට මතක ඇත.එයට ප්‍රධාන හේතුව වූයේ පාතාල නායක සමයං අධිකරණ බස් රථයක් තුළ දී ඝාතනය කිරීමයි.ඉන් පසු ඒ හා සබැදිව පලිගැනීමේ ඝාතන රැල්ලක් ද සිදු විය. මොවුන්ගේ අපරාධ රැල්ලේ තවත් කොටසක් වන්නේ කප්පම් ගැනීමයි. බොහෝ වෙලාවට පාතාල සාමාජිකයන් මෙය මෙහෙය වන්නේ සිර ගෙදර සිටය. එමෙන්ම පාතාලය හා මත්ද්‍රව්‍ය අතර ද කිට්ටු සබඳතාවක් පවතී. විශේෂයෙන්ම අද වනවිට තරුණ හා පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් මෙය ක්‍රියාත්මක වනු දක්නට ලැබෙන අතර මෙම මත්ද්‍රව්‍ය බොහෝ දුරට පිටරටින් ගෙන්වනු ලබයි.(හෙරොයින් ) මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවනට මරණ දඩුවම ලබා දෙන බව ජනාධිපති පැවසුවත් එය අද වනවිට වචනයක් පමණක් වී ඇත.මේ හා බැදී අනෙක් ජාවාරම වන්නේ ආයුධ ජාවාරමයි.බොහෝවිට පාතාලයට ආයුධ එන්නේ මත්ද්‍රව්‍ය සමග බව තහවුරු වී ඇත. අතීතයේ තමන්ට ලැබෙන ඝාතන කොන්ත්‍රාත් තමන්ම ඉටු කළ පාතාලය අද වනවිට තමන්ට ලැබෙන කොන්ත්‍රාත් වෙනත් පිරිසකට උප කොන්ත්‍රාත් ලෙස භාර දෙනු ලබන අතර මෙලෙස උප කොන්ත්‍රාත්කරුවන් වන්නේ වෙනින් කවුරුත් නොවේ කොටි සාමාජිකයන් ය. එමෙන්ම පොලිස් හෝ බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ සිටින තම ප්‍රතිවාදීන් ඝාතනය කිරීමට තරම් පාතාලය බලවත් වී ඇත.ඒ අනුව පෙනී යන්නේ වර්තමාන පාතාලය එදා මෙන් නොව ඉතා සංවිධානාත්මක,විදේශයන් දක්වා මුල් විහිදුණු විශාල පිරිවැටුපක් සහිත සංවිධාන ජාලයක් බව පෙනී යයි. පාතාලය ගැන කතා කරන විට අවධානය යොමු වන තවත් කරුණක් වන්නේ ඔවුන්ගේ අන්වර්ථ නම් පිළිබඳවය.බොහෝ විට මේවා ඔවුන්ගේ උපන් ගම, ප්‍රදේශය,රැකියාව,අපරාධ, ශරීරයේ හැඩය හා ඔවුන් හැසිරුණු ආකාරය ආදි කරුණු සමග බැදී පවතී.සමහර අය තමාට පටබැදුණු නමට එතරම් රුචි නොවේ.සොත්ති උපාලි, පොට්ට නවුෆර් ඊට නිදසුන් වේ.ඊට අමතරව නාවල නිහාල්, චින්තක අමරසිංහ, ධම්මික අමරසිංහ, බැද්දගානේ සංජීව, කරාටේ ධම්මික,ඕල්කට් වැන්නවුන් අතීතයේ පාතාලය රජ කල අතර මෑත කාලීනව කංජිපානි ඉම්ර්රාන් ,වෙලේ සුදා, වම්බොට්ටා, ආනමාළු ඉම්තියාස්,තෙල් බාලා,කිඹුලා ඇළේ ගුණා, රණාලේ සමයං,මාකදුරේ මදුෂ්,අංගොඩ ලොක්කා,හබරකඩ වසන්ත සහ තවත් බොහෝ දෙනෙක් පාතාලය තම යටතට ගෙන ඇත.වර්තමානයේ කාන්තාවන් ද මේ හා යොමු වී ඇති බව දක්නට ලැබේ. පාතාලය මැඩලීමට නව ප්‍රතිපත්ති අවශ්‍ය නොවේ.දැනට පවතින නීති රීති අකුරටම ක්‍රියාත්මක වීම පමණක් ප්‍රමාණවත් වේ.එමෙන්ම පාතාලයට සහාය දක්වන දේශපාලන ව්‍යුහයන් විනාශ කිරීම ද වැදගත් වේ.එවිට අවි ගත්තෝ අවියෙන් නොව නීතියෙන් නැසීමට හැකි වේ.පාතාලයෙන් තොර රටක් එවිට අපට ගොඩනැගිය හැක.


👍👍👍
ReplyDelete👌👌👌
ReplyDelete🤟👍
ReplyDelete👌👌👌👌👍👍👍👍
ReplyDelete👌👌❤️
ReplyDelete💪💪
ReplyDelete👍👍👍
ReplyDelete💞👏👍
ReplyDelete👌
ReplyDelete🤛🤛🤛
ReplyDeleteGood
ReplyDelete👌👌
ReplyDelete❤️❤️
ReplyDelete👍👍👍👍👍👍👍👍
ReplyDelete👍👍👍👍👍👍👍👍
ReplyDelete👍👍
ReplyDelete