වසංගතයක් වූ මැලේරියාව

     ප්ලස්මෝඩියම් ෆැල්සිපරම් (Plasmodium  flaciparum) නම් ඒකසෛලික පරපෝෂිතයා විසින් මෙම මැලේරියා වසංගතය බෝ කරනු ලබයි. මෙම පරපෝෂිතයාගේ වාහකයා වන්නේ ඇනෝෆිලිස් ( Anopheles) නම් මදුරුවාගේ ගැහැණු සතාය. මෙහිදී මදුරුවන් රෝග වාහකයකු වන අතර රෝගියාගේ ලේ උරා බී නීරෝගි පුද්ගලයකුගේ ලේ උරා බිවූ විට මෙම රෝගය පැතිරේ. ලංකාවේ මෙම රෝගය පතුරවනු ලැබුයේ ප්ලස්මෝඩියම් වයිවැක්ස් කියන විශේෂයයි.                                                          1934-35 වර්ෂ වල මෙම රෝගය දරුණු ලෙස ලංකාව තුළ ව්‍යාප්ත විය. මෙහි දි මිලියන 1.5ක රෝගින් ප්‍රමාණයක් හමු වූ අතර ඉන් 80,000  ට ජීවිතය ද අහිමි විය. 1968,1970,1974,1976,1986,1988,1991,1993 වගේ කාලවල මැලේරියාව ලංකාවේ වසංගතයක් බවට පත් විය. 2002 වසරේ මෙම රෝගය නිසා මරණ 30ක් සිදු වූ අතර ඉන් පසු අවුරුදු වල වාර්තා වූයේ 10ට අඩු රෝගින් ප්‍රමාණයක් වන අතර මෙරට අවසාන මැලේරියා මරණය 2009 සිදු වූ අතර අවසන් රෝගියා 2012 ඔක්තෝබර් මස දී වාර්තා වී තිබේ. 1935 වන විට ලංකාවේ ජනගහනය මිලියන 6ටත් අඩු වූ අතර ලංකාවේ හතරෙන් එකකට මෙම රෝගය වැළදී  ඇති බව දක්නට ලැබේ.                                    වයස් භේදයක් නොමැතිව පැතිරුණු මෙම රෝගය සදහා භාජනය වූ රෝගීන්ට පහසුකම් සැලසීම සදහා එවකට ආණ්ඩුවේ ස්වදේශීය ඇමැති වූ සර් ඩී.බී.ජයතිලකට පැවරුණු අතර ඔහුට ද මෙම රෝගය දෙවරක් වැළදුණි.                 1935 දී සති 6ක් ඇතුලත මෙමගින් ළමයින් 3,500ක් මිය ගිය බව 1935 ජනවාරි 25වන සෙනසුරාදා දිනමිණ මුල් පිටුවේ සදහන් වී තිබේ.                                                                              කුරුණෑගල හැර සෙසු පළාත්වල මාස 2ක් තුළ මරණ 5,500ක් සිදු වූ බව 1935 අගෝස්තු 28 වෙනිදා දිනමිණෙහි පළ විය.                                        මෙම රෝගය මඩ වගුරු හා හැල් ආශ්‍රිත ප්‍රදේශවල නිරතුරු පැතිර ගිය අතර ගොඩනැගිලි, පාරවල් ඉදිකිරීමේ දී ද මෙය බෝ වන අතර උස් ඉඩම් හා සුළං හමන කාලවල එය වැඩිපුර පැතිර නොයන බව ද සදහන් වේ.       මෙම වසංගතයෙන් පීඩා විදින ජනතාවට සහන සැලසීමට ඇන්.ඇම්.පෙරේරා  විසින් සූරියමල් ව්‍යාපාරය ආරම්භ කරන ලදි.විවිධ බාධක මැද ගෙයින් ගෙට ගොස් හාල්,පරිප්පු,මාමයිට්,සීනි,තේ කොළ වැනි ද්‍රව්‍ය ලබා දුන් අතර එහිදි ඔහුට පරිප්පු මහත්තයා නමින් නමක් ද පටබැදුණි.එහිදි ඔවුන් බොහෝ දුෂ්කරතා වලට හා සංවේදී අවස්තා වලට ද මුහුණ දුනි.වඩාත් සංවේදි කාරණය වන්නේ තම මව මිය ගිය බව නොදැන තනෙන් කිරි උරා බොන ළදරුවන් දැකීමට සිදු වීමයි.                           මේ රෝගය ගැන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වාර්තා චිත්‍රපටයක් ද නිර්මාණය කළ අතර එය විනාඩි 14ක් ධාවනය වන කළු සුදු මිලිමීටර් 35ක චිත්‍රපටයකි.(Conquest in the dry zone) වියළි කලාපය ජය ගනී යන්න එම චිත්‍රපටයයි.එය වැනීසියේ දී ගෞරව උපාධියක් ද දිනා ගැනීමට සමත් විය.විමලරත්න අධිකාරීගේ ඉසිවර අසපුව ටෙලි නාට්‍යය ද මේ හා සම්බන්ධව නිර්මාණය වූවකි.මෙය 1996 හොඳම ටෙලි නාට්‍යය ලෙස සුමති සම්මානයට ද පාත්‍ර විය.                                                                      2012න් පසු මැලේරියා රෝගියකු මෙරටින් වාර්තා නොවූ අතර එය මෙරට මෙය වැළැක්වීමේ ව්‍යාපාර වල ප්‍රතිඵලයකි. ඒ අනුව 2016දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලංකාව මැලේරියාව සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් බවට සහතිකය ලබා දුනි.ලෝකයේ බොහෝ රටවල් මෙය තුරන් කළ ද ඇතැම් රටවල් තවත් මෙතුලින් පීඩා විදී. දකුණු ආසියාවේ බිලියන 1.3 පමණ අදටත් මේ සමග ජීවත් වේ.ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වාර්ෂිකව මිලියන 200 ප්‍රමාණයකට මෙම රෝගය වැළදෙන බව සදහන් කරන අතර බහුතරය අවුරුදු 5ට අඩු දරුවන්‍ ය.එබැවින් මැලේරියාව ලෝකයෙන් පලවා හැරීමට අප අපගේ වගකීම ඉටු කිරීමට දායක වෙමු.                                                                         


                                                                                

                                                                                            
                                                                                      

Comments

  1. මිනිස්සු තමන්ගේ ජීවිතේට වගේම අනුන්ගේ ජීවිත වලටත් ඒ තරමටම ආදරේ කරන්න ගන්න දවසට මේව නවතී....මැලේරියා තුරන් කරපු රටවල් නෙවේ එතකොට මැලේරියා තුරන් කරපු ලෝකයක් හැදෙයි.නිසැකවම

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment