සොඳුරු අධිපතිවාදීයා(හිට්ලර් )

  ජර්මනියේ සිටි අධිපතිවාදී ඇඩොල්ෆ් හිට්ලර් 1889 අප්‍රෙල් මස 20 වන දින ඔස්ට්‍රියානු -ජර්මන් දේශ සීමාවේ Brauau-am-Inn නම් ගම්මානයේ දී උපත ලැබීය. ඔහුගේ පියා රේගු නිළධාරියෙකි.මොහු අවුරුදු 16දී තම අධ්‍යාපනයට නැවතීමේ තිත තැබූහ.                         වියානා නුවර චිත්‍ර ශිල්පියෙකු ලෙස ජීවත් වීමට වෑයම් කළ හිට්ලර්ගේ අන්තවාදී දේශපාලන හා වාර්ගික අදහස් බොහොමයක් මතු වූයේ මෙම කාලයේදී ය.1913 දී මියුනික් නගරයට පැමිණ ජර්මානු හමුදාවට බැදුනි.පසුව ඔහු යුධ ක්‍රියා රැසකට සම්බන්ධ වූ අතර 1923දි දියත් කළ මියුනිච් කුමන්ත්‍රණය අසාර්ථක වූ නිසා මාස 9ක සිර දඩුවමකට යටත් විය. එහිදි තම දේශපාලන මතවාද ගෙන එමින් Mein Kampf නම් ග්‍රන්ථයක් රචනා කළහ.1924දී ඔහු සිරෙන් නිදහස් විය.                                                       විවිධ රටවලට එරෙහිව දරුණු ලෙස යුද්ධය ප්‍රකාශ කළ මොහුගේ ගෑස් කාමර තුළ සිර කර මිනිසුන් සමූලඝාතනය කිරීමේ වධකාගාරය එකල වඩාත් ප්‍රසිද්ධව පැවතිනි.අවුෂ්විට්ස්,බර්ගර් , බෙරලසන්, බෙල්ෂෙග්, සොමිබෝර් නමින් එම වධකාගාර හදුන්වනු ලැබීය.                                                           හිට්ලර් කෙතරම් නපුරු පාලකයකු වුවත් ඔහු තම ජීවිත කාලය පුරාවටම ආදරය කළේ එකම ගැහැණියකට පමණක් බව අප අසා ඇත. ඒ අනුව ඔහු තම දිගු කාලීන පෙම්වතිය වූ ඊවා බ්‍රෝන් සමග 1945 දී විවාහ විය.යුද්ධයේ අවසාන දින කීපයේදී විවාහ වූ හිට්ලර් තම බිරිඳ සමග දින දෙකක් පමණ ගත කරමින් 1945 අප්‍රෙල් මස 30 වන දින බර්ලීන් නුවර පිහිටි සිය භූගත භංකරයේදී සියදිවි නසා ගත්තේය. පරාජය භාර ගැනීමට ඇති අකමැත්ත මෙයට හේතු විය.ඔවුන්ගේ මළ සිරුරු හිට්ලර්ගේ හමුදාව විසින් පුලුස්සා දමන ලදි.                                                                                  එතෙක් ඉතිහාසයේ සිදු වූ මිලියන 19.3 සිවිල් වැසියන් හා සිරකරුවන් ඝාතනය කිරීම,සොල්දාදුවන් හා සිවිල් වැසියන් මිලියන 29ක් 2වන ලෝක යුද්ධයේ දී මිය යාමට වගකිවයුත්තේ මේ අධිපතිවාදී හිට්ලර්ය.               කෙතරම් දරුණු අයකු තුළ වුව ද සුන්දර මිනිසෙකු ජීවත් වේ.හිට්ලර්ට ද එය පොදු ය. සටන්කාමියකු ලෙස අප දකින ඔහු තුළ සිටින චිත්‍ර ශිල්පියා ,ලේඛකයා ,දක්ෂ කතිකයා ,නායකයා මෙන්ම සොඳුරු ආදරවන්තයා පිළිබඳ අප අවධානය යොමු කරනුයේ අවම ලෙසය.සියල්ල දෙස හොදින් බැලූ විට සොඳුරු අධිපතිවාදියා ලෙස ඔහු හැදින්වීම වැරදි නොවේ.                                                                             


Comments

Post a Comment

Popular posts from this blog

ප්ලාස්ටික් සැත්කම්

වසංගතයක් වූ මැලේරියාව

සිනහව