මනස විකෘති කරන ඉන්ටර්නෙට් හා ගංජා

  •    අතීතයේ දී මිනිසාගේ මනස විකෘති වීමට බලපානු ලැබුයේ මානසික චිත්ත පීඩාවන්ය.නමුත් කාලයාගේ ඇවෑමෙන් ඒ සදහා තව තවත් හේතු සාධක එකතු වී ඇත. ඒවා අතීතයේ තිබූ හේතූන්ට වඩා බරපතල හේතු බව සමාජය තුළින් දක්නට ලැබේ. වර්තමානයේ ලංකාවේ තරුණ පිරිස අතර  Cannabis Induced Psychosis නම් මානසික රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්තව පවතින බව මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයකු පෙන්වා දී ඇත.                                                                                 1992 පැවති ලෝක මානසික සෞඛ්‍ය සම්මේලනයේ දී ඔක්තෝබර් මස 10 වැනි දින ලෝක මානසික සෞඛ්‍ය දිනය ලෙස නම් කර තිබේ.                                                    ලෝකයේ තරුණ පිරිස් අතර මානසික සෞඛ්‍ය පිරිහීමට ප්‍රබලව බලපාන සාධක 2ක් අද වන විට සොයා ගෙන තිබේ.                                                          
  • ගංජා මිශ්‍ර වේදනා නාශකයෙන් මොළයට හානි වීම        
  • ඕනෑවට වඩා තිරය මත බලා සිටීම               


            සන්නසූරිය මහතා  පවසන පරිදි  වර්තමාන තරුණ පරපුර ගංජා,මත්කුඩු ,මත් පෙති යන ප්‍රබල ගණයේ මත් ද්‍රව්‍ය  වලට වැඩි වශයෙන් නැඹුරුව ඇති බවයි.  එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයෙන් මොළයට අහිතකර බලපෑමක් ඇති වන අතර එතුලින් මානසික රෝග දවසින් දවස ඉහළ යන බව එතුමා ප්‍රකාශ කර තිිබේ.      මත්ද්‍රව්‍ය    සේම මානසික රෝග වලට    බලපාන තවත්   සාධකයක් වන්නේ ඉන්ටර්නෙට් හා සමාජ ජාල අහිතකර  ලෙස භාවිතය යි. එතුලින් මානසික ආතතිය , විශාදය, භින්නෝන්මාදය , කාංසාව වැනි රෝග වැළදීීමේ ප්‍රවණතාවක්  දක්නට  තිබේ .ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මානසික ගැටලු වලින් 50% ආරම්භ වන්නේ වයස අවුරුදු 14දීීීය.                                                        මෙලෙස මානසික ගැටලු වලට බලපාන ප්‍රධානම හේතුව වන්නේ   සමවයස් කණ්ඩායම් අතර තිබෙන අහිතකර පෙළඹීමයි.එමෙන්ම එතුලින්  සමාජයේ විශමචරී බවක් නිර්මාණය  වන අතර විවිධ අපරාධ සිද්ධි ද වර්ධනය වේ. එමෙන්ම පවුල් සංස්ථාවන් බිදීම, රැකියා  විරහිත රහිත පිරිස් බිහිවීම , රටේ ආර්ථිකය බිද වැටීම වැනි අහිතකර ප්‍රතිඵලයන්ට මුහුණ දීමට වන අතර මෙහි අවසන් ප්‍රතිඵලය ජීවිත හානි වීමයි.       මෙම මානසික රෝග සුව කර ගැනීම පහසු ය. බොහෝ තරුණ පිරිස් තුළ ඇති මතයක් වන්නේ මානසික ප්‍රතිකාර ගැනීම පෞරුෂයට හානි වීමක් බවයි .එසේම මානසික සෞඛ්‍යයට අවධානය යොමු නොලැබීම ,නිසි අවබෝධයක් ,දැනුමක් නැති වීම ,කදවුරු ගත වීමට අකමැති වීම  වැනි දෑ මෙයට හේතු වේ.නමුත්   තම ප්ප්‍රතිරූපයන් දිගු කාලීනව පිරිහීමට කලින් ප්‍රතිකාර වලට යොමු වීම තුළින් මෙවැනි තත්ව මග හරවාගත හැකි බව තරයේ මතක තබාගත යුතුය.

Comments

  1. කාලීන ලිපියක්..👌

    ReplyDelete
  2. ඇත්ත කතාවක්..මේ දේවල් තේරුම් නොගත්තොත් ඉස්සරහට වෙන්න තියෙන දේවල් හරිම ඛේදනීය වේවි

    ReplyDelete
  3. ඉන්ටර්නෙට් නම් මනස ව්කෘති කරනව ඔබ හරි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්ලාස්ටික් සැත්කම්

වසංගතයක් වූ මැලේරියාව

සිනහව