ප්ලාස්ටික් සැත්කම්
ප්ලාස්ටික් සැත්කම් යනු පුද්ගලයෙකුගේ පෙනුම හෝ දේහයේ ක්‍රියාකාරීත්වය වෙනස් කර ගැනීම සදහා විවිධ ශල්‍ය වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය නොවන උපක්‍රම භාවිතා කරමින් සිදුකරන වෛද්‍ය විද්‍යාවේ විශේෂ වූ අංගයකි. මේවා කෙනෙකුගේ රූප සෝබාව වර්ධනය කරගැනීමට හෝ යම් අවයවයක් යතා තත්ත්වයට පත්කර ගැනීම සදහා සිදුකරගනු ලබන සැත්කමක් විය හැකිය. පෙනුම වර්ධනය කරගැනීම සදහා මෙම සැත්කම් සිදුකිරීමේදී බාහිර රූප සෞන්දර්යය කෙරෙහි පමණක් අවධානය යොමු කෙරේ. මේ නිසා ප්ලාස්ටික් සැත්කම් ඇතැම් අවස්ථාවලදී රූ වඩවන ශල්‍ය කර්මයක් යන වැරදි තේරුම් ඇතිව ව්‍යවහාර වේ. ඇතැම් අවස්ථා වලදී රුව වඩවන හා ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන අංග දෙකම ඉටු කරන සැත්කම්ද සිදු කෙරේ. ප්ලාස්ටික් යන වචනය ප්ලාස්ටිකොස් යන ග්‍රීක වදනින් බැදී එන්නකි. මෙය වෙනස් කිරීම හෝ හැඩ කිරීම යන අරුත් දේ. පොලිමර් ද්‍රව්‍යයන්ගෙන් සෑදුනු අප එදිනෙදා භාවිතා කරන ප්ලාස්ටික් සමග මෙහි කිසිදු සබදතාවයක් නොමැත. ප්ලාස්ටික් සැත්කම් සිදුකරන වෛද්‍යවරු සිරුරේ ඇට, කාටිලේජ, පේෂි, මේදය හා සමෙහි හැඩගැන්වීම් සහ වෙනස් කම් ඇති කරති. නිර්මාණාත්මක ප්ලාස්ටික් සැත්කම් මේවා පහත සඳහන...