කතා නොවෙන ඔටිසම්

   සෑම දෙමාපියකුගේම ප්‍රාර්ථනාව වන්නේ නීරෝගි දරුවකු බිහි කිරීමයි. නමුත් දරුවකුට කුඩා කාලයේ දී ඇති විය හැකි රෝගි තත්වයක් ලෙස ඔටිසම් හැදින්විය හැක.මෙය ස්නායු රෝග තත්වයක් වන අතර පළමු වසර 3තුළ මෙහි රෝගි ලක්ෂණ පෙන්නුම් කරයි.                         මේ සදහා බලපාන ස්ථිර හේතුවක් නැත.ඇතැම් ජාන ව්‍යුහ , උපතේදී ඇතිවන සංකූලතා හා පාරිසරික තත්ව , ප්‍රතිශක්තිකරණ එන්නත් වල බලපෑම හා ගර්භණී කාලයේ මවගේ ශාරීරික ,මානසික තත්වය බලපාන බව සොයාගෙන ඇත.                        අන්තර්ජාතික මනෝ විද්‍යා සංගමයේ වාර්තා වලට අනුව සෑම දරුවන් 45කින් 1ක් අයකුට ඔටිසම් ඇති බව කියයි. මෙය ගැහැණු ළමුන්ට වඩා පිරිමි ළමුන්ට වැළදීීමේ අවධානම හතර ගුණයකින් වැඩිය.එසේම අද වනවිට මිලියන 25 අධික පිරිසක් ඔටිසම් වලින් පෙළේ.            මෙය හට ගත් බවට හදුනා ගත හැකි රෝගි ලක්ෂණ කීපයක් ඇත.මවගේ සිනාවට ප්‍රතිචාර නොදැක්වීම ,බිළිඳු බස් නොදෙඩීම,දෙමාපියන්ගේ හා සමීපතමයන්ගේ දෑස් ගැටීම මග හැරීමට උත්සාහ දර‍‍‍‍‍‍යි , එකම දේ එකම අයුරින් දිගින් දිගටම පැවසීම, ඇතැම් දේ නිතර ස්පර්ශ කිරීමට සුවද බැලීමට කැමති වීම හා දරුවා හුරතල් කරනවාට අකමැති වීම , නිතරම තනිව සිටීමට උත්සාහ දැරීම , ඇතැම් ශබ්ද වලට හා ආලෝකයට බිය වීම , ක්‍රියාකාරි බවක් නොමැති වීම , දරුවා තම නමට ප්‍රතිචාර නොදැක්වීම , ඇගිලි තුඩු වලින් ගමන් කිරීම, යමක් කිරීමට ඇති අධික බිය ,හැගීම් පාලනය කර ගත නොහැකි වීම , අතට අසුවන සෑම දෙයක්ම පෙළට තැබීම, තම ශරීරයට හිංසා පීඩා කර ගැනීම (සැපීම,කොනිත්තා ගැනීම ,ඔලුව හප්පා ගැනීම ,කොණ්ඩය ඇද ගැනීම ), එක තැන වැඩි වේලාවක් රැදී නොසිටීම , ලුණු රස කෑම වලට වැඩි රුචියක් දැක්වීම , දිනපතා එකම ආහාරය ගැනීමට ඇති කැමැත්ත හා ඒකාකාරී දින චර්‍යාවක් ගත කිරීම ආදිය පෙන්වා දිය හැක.                                                                               මෙම දරුවන් ඉතා පරෙස්සමින් මෙන්ම ඉවසීමකින් රැක බලා ගත යුතුය.මුලින්ම දරුවන්ගේ හැසිරීම් රටාව අවබෝධ කර ගත යුතුය.එමෙන්ම නිතරම දරුවාට කල යුතු දේ පමණක් පැවසිය යුතු අතර එකවරම දරුවාගේ හැසිරීම් රටාව වෙනස් කිරීමට පියවර නොගත යුතුය.එසේම දරුවා තුළින් පරිසරයට නොගැළපෙන යමක් සිදු වේ නම් එය අමතක කරවීමට උත්සාහ ගත යුතුය.                                        ඔටිසම් දරුවන්ගේ පෝෂණය ද ඉතා වැදගත් වේ.එහිදි ඔවුන්ට ලබා නොදිය යුතු ආහාර වර්ග ඇත.ඒවා නම් සියලු චීස් වර්ග , යෝගට් , එළකිරි හා එළු කිරි වැනි කේසින් බහුල ආහාර , සෝයා සෝස්, එඩමාම්(නියම බෝංචි), ශීත කළ එළවළු පැටිස්, සෝයා තෙල් , ටෝෆු, ගුවර් ගම් හෝ තොග කාරක අඩංගු වන සෝයා ආහාර දීමෙන් ද වැළකිය යුතුය මන්ද එහි ජානමය වෙනස් වීම් සහිත රසකාරක ඇතුලත් වීම නිසාවෙනි,එසේම ග්ලූටන් සහිත රයි(rye), බාර්ලි, තිරිඟු වැනි ආහාරත් සීනි ,පාන්, විනාකිරි , වයස්ගත මස්, චීස් , පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් , අර්තාපල් වැනි යීස්ට් බහුල ආහාරත් කෘතීම සායම්,වර්ණ,රසකාරක ,එම්.එස්.ජී.(MSG) අඩංගු ආහාර ලබා දීමෙන් වැළකී සිටිය යුතුය.                                                             එමෙන්ම මෙවැනි දරුවන්ට නිර්දේශ කළ ආහාර වර්ග කීපයක් ඇත. හණ බීජ (flax seeds), ඔමේගා 3 , වොල්නට් (walnuts ), ප්‍රෝ බයොටික් සහිත කිරි රහිත යෝගට් , පැසුණු මෝර තෙල්,අමු ගෝවා හා කිම්චි, තන්තු අඩංගු ආහාර වන කෙසෙල් , ඇස්පරගස්, සුදුළූණු , ඇට ආදියත් බියුටරික් අම්ලය අඩංගු ආහාර හා බටර් වැනි දෑ මොවුනට ලබා දිය හැක.                          මෙය බරපතල රෝගී තත්වයක් නොවන අතර මනෝ වෛද්‍යවරයකු හරහා ප්‍රතිකාර ලබා ගත හැක.වෘත්තීය චිකිත්සක හා කථන පුහුණු වීම් උපක්‍රම මගින් මෙය අවම කරගත හැක.මේ සදහා යොමු විය යුතු ආයතන වන්නේ රිජ්වේ ආර්‍යා ළමා රෝහල-කොළඹ(94112693711), ආබාධිතතා අධ්‍යයනාංශය-රාගම වෛද්‍ය පීඨය (94112958251) , අයාටි මධ්‍යස්ථානය - කැළණිය විශ්ව විද්‍යාලය,වෛද්‍ය විද්‍යා පීඨය -රාගම(94715527309,94112961254), චිත්‍රා ලේන් ළමා සම්පත් මධ්‍යස්ථානය -නාරාහේන්පිට(94112503906,94112582758)        


Comments

Post a Comment

Popular posts from this blog

ප්ලාස්ටික් සැත්කම්

වසංගතයක් වූ මැලේරියාව

සිනහව